ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික දේව මංගල්‍යය 2025 මාර්තු මස 14 හා 15 දෙදින කච්චතිව් දූපතේදී මහත් උත්කෂවත් අන්දමින් පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූණ දායකත්වයෙන් මෙම දේවමංගල්‍ය වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.
ඉන්දීය සහ ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම දේව මංගල්‍ය සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එම අවස්ථාවට අදාළ වීඩියෝ ර්දශන, ඡායාරූප පහත සබැඳියාව තුලින් ලබා ගත හැක.