සෞඛ්යව බලධාරීන්ගේ ඒක පාර්ශවීය ටෙන්ඩර් වගන්ති ,අසාධාරණ දඩමුදල් ,ගෙවීම් ප්ර්මාදයන් ,ආනයනකරුවන් කිහිප දෙනෙකුට පක්ෂව  කටයුතු  කිරීම  ආදී වෙනත් පද්දතිමය ගැටළු ඖෂධ සැපයුම් දාමයේ ගැටළුවලට මූලික හේතු බව සමීප පරීක්ෂණයකින් හෙළිවන බව ඖෂධ සැපයුම් කරුවන් හෙළි  කරයි.

මෙම ගැටළු හේතුවෙන්  සමාගම් ටෙන්ඩර් ක්රිනයාවලියට. සහභාගීවීම අධෛර්යමත් කරන බව පෙන්වාදෙන එම සමාගම ,සමාගම් කිහිපයක් සදාචාර විරෝධී  ක්රිායාවන්හි නිරත විය හැකිවුවද මෙම විෂමතා වඩාත් කීර්තිමත් සමාගම්වල සහභාගීත්වයට  පවා බාධාකරන පුළුල්  ව්යු හාත්මක ගැටළු බව ඔවුහු  සඳහන් කරති. 

සාධාරණ සැපයුම් කරු ගිවිසුම් පරිපටියක්  නොමැතිකම  ,සමාගම් ටෙන්ඩර් සදහා සහභාගී වීමට මැලි වීමට ප්රමධාන හේතුවක් වශෙයෙන් පෙන්වා දෙන්නේ  දැඩි ලෙස පක්ෂවූ ඒකපාර්ශ්වික  වගන්ති තිබීම  බවත් , එම වගන්ති බොහෝවිට සැපයුම් කරුවන් මත අනවශ්යප  බරක්  පැටවීමක් බවත් ,සැපයුම් කරුවන් මුහුණදෙන අභියෝග පිළිබඳ නම්යනශීලීභාවය සහ අවබෝධය නොමැතිකම ඔවුන් අධෛර්යමත් කිරීමට හේතුවක් බව ද පෙන්වාදෙති.

තවත් සැලකියයුතු බාධාවක් වන්නේ සුළු ප්රකමාදයන්  සහ කොන්ත්රාහත් නියමයන්ගෙන් බැහැරවීම හා අභ්යබන්තර අභියෝග හේතුවෙන් සිදුවන ප්රකමාදයන් සඳහා අසාධාරන දඩමුදල් පැනවීම ,සුළු ප්රිමාදයක් හේතුවෙන් අධික පාඩු සිදුවනු ඇතැයි යන බියක් බොහෝ සමාගම් වලට තිබීම ඔවුන්   අධෛර්යමත්  කිරීමක් බවත් ,අධික දඩ මුදල් සහ  අධිභාර සැපයුම් කරුවන්ගේ සහභාගිත්වය අධෛර්යමත් කර  තරඟකාරිත්වය අඩුකර  අවසානයේ ප්රුසම්පාදන පිරිවැය වැඩි කරන බවද එම ලිපියේ සඳහන් වේ.

ටෙන්ඩර් වල ගෙවීම් ප්රසමාදයන් නිදන්ගත ගැටළුවක් වන අතර ,සමාගම් වලට බොහෝවිට ඔවුන්ගේ සැපයුම් සදහා ගෙවීම් ලබාගැනීමට දීර්කාලයක් බලාසිටීමට සිදුවීම  මෙම ප්ර මාදයන්  මුදල් ප්ර්වාහයට සහ මෙහෙයුම් කාර්යමක්ෂමතාවට දැඩි ලෙස බලපාන  බවත්  විශේෂයෙන් කුඩා සමාගම් වලට එය මූල්යර මය වශයෙන් අඩපන කරන්නක් විය හැකිබවත් ,එහි ප්රාතිඵලයක් ලෙස බොහෝදෙනෙකුට අනාගත ටෙන්ඩර් වලින්  ඉවත්වීමට බල කිරීමක් වගේම තරඟකාරිත්වය ස වෙළඳපොල ව්ව්ධත්වය අඩු කිරීමට බලපානබවත් ,මෙම ප්රඟමාදයන් නිසා ඇතිවන මූල්ය මය ආතතිය ටෙන්ඩර් අකාර්යක්ෂමතාවය වටා ඇති සාකච්ඡවලදී තීරණාත්මක නමුත්  බොහෝවිට නොසලකා හරින ලද සාධකයක් බවත් ,වඩාත් විනිවිද පෙනෙන සහ තිරසාර ටෙන්ඩර් ක්රියයාවලියක් සහතික කිරීම සදහා මෙම ගැටළු විසදීම අත්යාිවශ්ය වනු ඇතැයිද  එම ලිපියේ  වැඩිදුරටත් සඳහන්වේ.

ටෙන්ඩර් වගන්ති දඩමුදල්  සහ ගෙවීම් ප්රරමාදයන් පිළිබඳ  නිශ්චිත ගැටළු වලට අමතරව පුළුල් පද්දතිමය ගැටළු  ,ටෙන්ඩර් ක්රිෙයාවලියේ ව්නිවිදභාවය නොමැතිකම ,ඩිජිටල්කරණය නොමැතිකම  කොටස් කරුවන්ගේ සහභාගිත්වයෙන් තොරව ඒකපාර්ශ්වීය තීරණ ද මෙයට හේතුලෙස  පවසති.

සමාගම් එකක් හෝ දෙකක් සධාචාර ක්රි යාවන්හි යෙදිය හැකි බව සටත්යනයක් වුවද ,මෙම විෂමතා සමස්තයේ කීර්තිනාමයට කැළලක් ඇතිකිරීමට භාවිතා නොකළ්  යුතුබවට  අවධාරණය කරමින් සුදුසුකම් ලත් සියලුම සහභාගිත්වය දිරිමත් කරන වඩාත් විනිවිද පෙනෙන සහ සාධාරණ ටෙන්ඩර් ක්රි යාවලියක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළයුතු  වගේම යටින් පවතින ගැටළු  විසදා නොගෙන ටෙන්ඩර් වලට සහභාගී නොවන බවට සමාගම් වලට දොස් පැවරීම ප්රපතිඵල දායක නොවන බවද පෙන්වාදෙති.

ටෙන්ඩර් ක්රිගයාවලිය ප්රපතිසංස්කරණය කිරීම අත්යා වශ්යභ වන්නේ වඩාත් විනිවිද පෙනෙන සාධාරණ  සහ තරඟකාරිත්වයට හිතකර ලෙසට බව ත් මෙමගින් කීර්තිමත් සමාගමවල සහභාගීත්වය ආකර්ෂණය කර ගැනීම සහ මෙරට ජනතාවට අත්යා වශ්යස ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කිරීම බලාපොරොත්තු වියහැකි  බව එම සැපයුම් කරුවන් සදහන් කරති.

මේ සම්බන්ධයෙන්  ඖෂධ නීතිගත සංස්ථාවේ අදාල බලධරයාගෙන් විමසා  ඒ පාර්ශවයේ කරුණු  පැහැදිලි කිරීමක් මෙයට ඇතුළත් කිරීමට උත්සාහකලත්   බදාදා දිනය  වන තෙක්  ඊට පිළිතුරක්  නොලැබුණි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න