පුංචි බබාගෙන් අරඹා පෙර වදන

කුසුමකි අකාසෙ බැබලුණුු පසු වදන

සිංහල සිනමාවේ දිඳුලුණු මිණි පහන

මාලිනියේ ඔබයි සිනමා අග රැජින

හෙළ සිනමා අඹරේ ඔබ විය සඳවතිය

රසික හදවතට නිති රසඳුණ වැනිය.

ඔබනැති අඩුව කිසිදා පුරවනු බැරිය

මාලිනි නැතිව පාළුයි අද රිදි තිරය.

දිවිරඟ මඩලින් සමුගත් හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී සෙනහෙලතා පොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පූ ර් ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඔ නිදහස් චත්‍රරශ්‍රයේ දී  (26) සවස සිදු කෙරේ.

දැනට ඇයගේ දේහය ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැම්පත් කර ඇත. ඇයට සෙනෙහිවන්ත වූ රට පුරා සිටින රසික රසිකාවන් දිගට දිගුවට පෝලිම්වල සිට පැමිණ ඇයට අවසන් ගෞරවය දැක් වූහ.

මේ අතර ඇය සමඟ හෙළ සිනමා දිවියේ රංගනයෙන්,වාදනයෙන්, ගායනයෙන් ආදි කොට ඇති සකළ කලා රසවිතයෙන් එක් වූ කලා කරුවන්ද ඇයගේ නිසල දේශය අසළ මල් කළඹ තැම්පත් කරමින් අවසන් ගරුත්වය දක්වන ආකාරය දැක ගත හැකි වූහ.  

මාලනි නම් වු සිනමාවේ අඟ රැජිණියට ශොව පල කරමින් ජාතික චිත්‍රපට පරිශ්‍රය පුරා සුදු කොඩි හා ශෝකී බැනර් රැසක් ප්‍රදර්ශනය කර තිබිණි.

කලාවට කළ මෙහෙවර අගයමින් ඇයට ගරුත්වය දක්වන්ට සැදි සිටි පිරිස අතර කුඩා ළමයින්ද දැක ගත හැකි වූ අතර ආගමික ප්‍රජ්‍ය පක්ෂයේ උත්තමයෝද දැක ගත හැකි වූහ.

අහස නිසසලය. සිසිල් සුළං විත් ඇයට ද ආශිර්වාද කරන අතරේ වැහි වළා කුළු අතරින් සිහින් වැහි පොඳ මේ පරිශ්‍රයට පතිත වන්නේ පරිසරයේ සෙනෙහස ආදරය සෙනෙහෙලතා පොන්සේකා මාලිනියට කෘතගුණ දක්වනු සිරියෙනි.

හෙළ සිනමා තරු අඹරේ රාජණිය ඇයයි. රටක් වසඟ කළ ඇය රසවාහිණියි. කිසිම දිනක රුව නොමැකෙන ලාලනිය ඇයයි. අපේ සිතින් නොමියෙන ඇය මාලිනිය නම් වූවා ය.

අපේ කාලයේ අප රටම ආදරය කළ  කලා ඔසුවෙන්හඳවත්  සුවපත් කළ කලා කෙත රසවින්දනය කළ කලාවට පුන් සඳක් වූ ඇය රසික සිත් සතන් හඩවමින් අද සැන්දෑවේ අප අතරින් සමු ගනු ඇත. අප ඇයට සියලු දෙනාම එක්ව නිවන් සුව පතමු.

නමුත්, සෙනෙහස පිරිණු හඳවතක් ඇති ඇය යළිත් අප අතරම ඉපදේවා යන්න සටහන් කරන්නෙමු.  

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න