අස්වැසුම ලැබිය යුතු දුප්පතුන්ගෙන්   සියයට 58කට අස්වැසුම  ලැබි නොතිබු බව  දරිද්‍රතා විශ්ලේෂණ ඛෙන්ද්‍රය  (සේපා) විසින් සිදුකළ සමික්ෂණයකදි අනාවරණය වි ඇත.

දුප්පතුන් නොවන  සියයට 26කට අස්වැසුම ලැබි තිබු බවද මෙම  සමික්ෂණයේ දි අනාවරණය වි ඇත..සමෘද්ධි ව්‍යාපාරය තුල සමෘද්ධිය ලැබිය යුතු  සියයට 48කට  සමෘද්ධි සහනාධාරය ලැබි  නොතිබු අතර  අස්වැසුම වැඩසටහන තුල  එම  සංඛ්‍යාව සියයට 58 දක්වා වැඩිවි තිබුණි. මෙම සමික්ෂණයකට අනුව  2024 වර්ෂය අවසන් වනවිට මෙරට දරිද්‍රතාවය  2023 වර්ෂයට සාපේක්ෂව  සියයට 48 දක්වා  වැඩිවි  ඇත. 2024 වර්ෂයේ  පෙබරවාරි වල සිට ජුනි මස දක්වා කාලය තුල  මෙරට ජනගහණයෙන් සියයට 60ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි. එහෙත් මෙම වර්ෂය අවසන්වනවිට   මෙරට දරිද්‍රතාවය  සියයට  48 දක්වා අඩුවි තිබේ. 2023 වර්ෂයේ මෙරට ජනගහණයෙන් සියයට 31ක් දරිද්‍රතාවයට ලක්ව තිබුණි.. මෙම සමික්ෂණයට අනුව  ඇතැම් රාජ්‍ය සේවකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු, දුප්පතුන්ගේ ගොඩට වැටි තිබේ.

 ඇස්වැසුම සදහා  අභියාචනා ඉල්ලුම්පත්  ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් ලැබි තිබු  අතර  ඉන් ලක්ෂ 07ක පමණ සංගණන කටයුතු මේ වනවිට අවසන් වි ඇති බැව්  සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පෙන්වාදෙයි. අස්වැසුම සදහා ප්‍රතිලාභින් තෝරාගැනිමේ දි  මිට පෙර  පැවති අඩුපාඩු සකස් කර ලබන මස  ජූලි වන විට එම කටයුතු අවසන්  කිරිමට බලාපොරොත්තුවන බව  සමාජ සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න