ඒ අතර හරක් 02 ක්ද
පූනෑව පොලිසියේ අණ නොතකා මැදවච්චිය දෙසට ධාවනය කළ ලොරි රථයක් (22) දහවල් මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඒ.ඒ කේ.එස් අධිකාරි මහතා ප්රෑමුඛ පොලිස් නිලධාරින් පිරිසක් විසින් මැදවච්චියේදී නවත්වා පරික්ෂාවට ලක් කළේය.එහිදී එම ලොරියේ සිටි හිංසාකාරී ලෙස පැටවූ එළගවයින් 22 ක් සහිත රියදුරු සහ රිය සහයක පොලිස් අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ වැලිසර පදිංචි 21 හැවිරිදි රිය සහයක සහ 23 හැවිරිදි රියදුරුය. උතුරුමැද පළාතේ ජ්යෙයෂ්ඨ නියෝජ්යම පොලිස්පතිගේ උපදෙස් පරිදි පොලිස් ස්ථාන කිහිපයක් අද දින විශේෂ මෙහෙයුමක් ක්රියයාත්මක කළේය. එහිදී දුර ගමන් බස් රථ සහ සැකසහිත රථවාහන පරික්ෂාවක්ද සිදු කෙරුණි.එයට සමගාමීව ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. එහිදී පූනෑව පොලිසිය විසින් මෙම ලොරි රථය නවතා පරික්ෂා කිරීමට උත්සහ දරා ඇති අතර මෙම රියදුරු එම පොලිස් අණ නොතකා ලොරි රථය මැදවච්චිය දෙසට ධාවනය කර ඇත. එහිදී මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ඒ.ඒ කේ.එස් අධිකාරි මහතා ප්ර මුඛ විශේෂ පොලිස් නිලධාරින් පිරිසක් එම ලොරි රථය නවතා ඇත. අනතුරුව ඒ පිළිබඳ පරික්ෂා කිරීමේදී මෙම ගවයින් යාපනය – මල්ලාවි ප්රුදේශයේ සිට වැලිසරට මස් සඳහා ප්ර වාහණය කර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.