විදේශීය ජර්මන් කාන්තාවකට ලිංගික අතවර කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලැගුම් හලක සේවකයෙකු මැයි මස 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත බේසිංහ මහතා නියෝග කළේ ය .
මෙලෙස නියෝග ලැබුවේ පදවිය ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර (28)නමැත්තෙකි.
අතවරයට පත් වූ බව කියන විදේශීය කාන්තාව ඉකුත්දාහත්වෙනිදා සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඒත්තු කාල ප්‍රදේශයේ ලැගුම්හලක නතර වී සිට ඇත,18 වෙනි දින ඇය අදාළ බිල් පතද ගෙවා ලැගුම්හලෙන් පිටුව යෑමට සූදානම් වීමේදී එහි සේවකයෙකු බව කියන තැනැත්තෙකු ඇයව බලහත්කාරයෙන් බදාගෙන ලිංගික අතවර කළ බව පැමිණිල්ලෙන් කියා ඇත ,මේ අවස්ථාවේ ඇය භීතියට පත්ව කෑ ගසන විට වෙනත් කාන්තාවන් දෙදෙනෙකු පැමිණ ඇයව වෙනත් ලැගුම් හලකට ගෙන ගොස් නැවැත් වූ බවද සඳහන් කර තිබේ,
මෙහි දී විනිසුරුවරයා පැමිණිලිකාරියගෙන් විවෘත අධිකරණයේදී කරුණු විමසීමේදී මට වූ මේ වගේ දෙයක් තවත් විදේශීය කාන්තාවකට නොවන ලෙස ට කටයුතු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සකුල ගුණතිලක මහතා පැවසුවේ මේ තැනැත්තිය බිල් පත නොගෙවා පිටව යාමට තැත් කිරීමේදී මගේ සේවා දායකයා සමග බහින්බස් මින් ඇති කරගෙන ඇති බවය,ඇයට කිසිදු බලපෑමක් ඔහු කර නොමැති බවද සඳහන් කර සිටියේය,මෙහිදී විනිසුරුවරයා පැවසුවේ මෙවැනි සිදුවීම් ජාත්‍යන්තරයේ අවධානයට ද ලක්වන බවය,මීගමුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාන්තා කාර්යාංශය ස්ථානාධිපතිනිය