හෙළ කලා කෙතට ජාතික කරුණ සේවා සභාව දායාද කල කලාකරුවන් රජය සමඟ එක මිටට එක් වීමට  තීරණය කර තිබේ. කලාකරුවන් සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර හමුවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

ජාතික තරුණ සේවා සභාව තුළින් බිහි වූ ප්‍රවීණ කලාකරුවන් හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අතර හමුවක් ඊයේ (15දා) ජාතික තරුණ සේවා සභාවේ දී පැවත් විණි. ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව ජාතික තරුණ සේවා සභාව පවසයි.

අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සෞන්දර්‍ය කලා හා සංස්කෘතික ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාපෘති පිළිබඳව තරුණ සේවා සභාවෙන් බිහි වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණ කලාකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විය.

යෞවන සම්මාන උළෙල යොවුන් සිනමා උළෙල හා යොවුන් නාට්‍ය උළෙල පැවැත්වීම සහ වසරේ දී නැවත ආරම්භ කිරීමට නියමිත තරුණ සේවා සභාව මගින් පවත්වන නාට්‍ය පාසල සඳහා මෙහි දී ප්‍රවීණ කලාකරුවන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සිදු කෙරුණි.

ජාතික තරුණ සේවා සභාවේ ඉදිරි කලා කටයුතු සඳහා ප්‍රවීණ කලාකරුවන්ගේ අත්දැකීම් හා සෘජු දායකත්වය ලබා ගනිමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මෙහි දී පැවසීය.

මෙම හමුවට ගායන, රංගන හා නිවේදන ක්ෂේත්‍ර නියෝජනය කරමින් ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රවීණ කලාකරුවන් රැසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා ඇතුළු ජාතික සටන සේවා සභාවේ සංස්කෘතික හා සෞන්දර්ය කලා අංශවල නිලධාරීන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් මෙත්ශාන් සමරවීර සහ සුදන්ත මාධව සහභාගී වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න