එක්ස්ප්‍රස් ප ර් ල් නෞකාවේ අනතුරින් පසු අපද්‍රව්‍ය ඉවත් කිරීමේ දී      කන්ටේනර් 40 කොටි 2කට ආසන්න මුදලක් වැඩිපුර ගෙවීම සිදු කර  ඇති බව                            අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය   සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව   පැමිණිළි කර තිබේ.

එක්ස්ප්‍රස් ප ර් ල් නෞකාවේ අනතුරින් පසු රැස් කෙරුණු අපද්‍රව්‍ය වත්තල තාවකාලික අංගනයේ සිට  පමුණුගම ගබඩා අංගනයට ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් කන්ටේනර් හතලිහකට (40)  රැඳවුම් ගාස්තු  ලෙස රුපියල් කෝටි  දෙකකට ආසන්න මුදල් ගෙවා පාඩුවක් සිදු වී ඇති බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය   සංවිධානයේ සභාපති  ජාමුණී කමන්ත තුෂාර මහතා පැවසීය.

සමුද්‍රීය ආරක්ෂණ පරිසර  අධිකාරියේ 2021 වා  ර් ෂික  වාර් තාවට ඇතුළත් කරනු ලැබ ඇති බව ජාතික විගණන කා ර් ලය  පා ර් ලි මේන්තුවට ඉදිරිපත්  කළ සටහනක සඳහන් වන බව  Prime News  2025/04/13 ෆේස්බුක්  පිටුවේ සඳහන්ව ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

මෙම දූෂණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර දූෂිත නිලධාරීන් හා  පාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාව   පැමිණිළි කළ බව ද ජාමුණී කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න