ලංකාවේ රැකියා අපේක්ෂිත උපාධිධාරින් 35 000 කට රැකියා දෙන්නට වහාම සැලසුමක් සකස් කරන්නට පියවර ගන්නා ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පැවසීය.
සමස්ත ලංකා රැකියා අපේක්ෂිත උපාධිධාරින්ගේ සංගමය පිහිටු වීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.
උපාධිධාරින් 35000 ක සාමාජිකත්වය දරණ මෙම සංවිධානයේ ජාතික කමිටු මංගල සැසිවාරයෙන් පසු කොළඹ දී පැවැති වූ මාධ්‍ය හමුවේ දී දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා මෙසේ ද පැවසීය.
අපි ආණ්ඩුවට වගකීමෙන් ප්‍රකාශ කරනවා ලංකාවේ බුද්ධිමත් බලකාය තවදුරටත් රවටන්න එපා. මේ සඳහා අපට විසදුමක් ලබා දෙන්න. අප මේ වන විට බුද්ධිමතුනගේ ලංකාවේ ක්‍රියාත්මක වන දැවැන්තම සංවිධානය පිහිටුවා අවසන්.
ඒ නිසා රැකියා අපේක්ෂිත පිරිසට රැකියා දෙන්නට මේ ආණ්ඩුවේ යුතුකමක්. මේ අය බලයට ආවේ මේ උපාධිධාරින්ට විසදුම් දෙන බව ප්‍රකාශ කර බව අපි ජනපතිට මතක් කරන්න කැමැති යි. දුන් පොරොන්දු රකින්න ජනතාවගේ විස්වාසය සුරක්ෂිත කරන්න.
අනුර ද රනිල් ගිය වැල් පාලමේ ගමන් කරමින් මෙයට විසදුමක් ලබා දෙන්නට හැකියාවක් නෑ. මේ අය රට රැගෙන යන්නේ වැරදි පීල්ලකයි. ඒ අනුව රටේ කිසිදු ප්‍රශ්ණයකට විසදුම් දෙන්ට හැකියාවක් නෑ.
උපාධිධාරි රැකියා ප්‍රශ්ණයට කඳුළු ගෑස් බැටන් පොලු උත්තර දෙන්නේ නැතිව බුද්ධිමත් විසදුම් දෙන්න. ඒ සඳහා අපි ද සහයෝගය දෙනවා.
එහෙම නැතිව කටයුතු කරන්නට පියවර ගෙන දිගින් දිගටම මර්දනයට රැවටීමට අප රැකියා විරහිත බුද්ධිමත් පිරිස තල්ලු කරන්නට පියවර ගන්නේ නම් ඒ සඳහා ද අපි මුහුණු දෙමින් ආණ්ඩුවට අභියෝගයක් වන බව තරයේ මතක් කරන කැමැතියි.
අද මේ ආණ්ඩුවට පුළුවන් අනාගතේ රැකියා විරහිත උපාධිධාරින් හෝ රැකියා විරහිත තරුණයන් බිහි වීම වලක් වන්න. එකට මොකක්ද කරන්න ඕනේ. එතකොට පැහැදිලිවම අපි විශ්වාස කරනවා දැන් මේ මොහොතේ නිශ්චිතව මේ 2025 අවුරුද්ද හෝ 2024 අවුරුද්ද ගත්තොත් ලංකාවේ ඉපදිලා ඉන්න දරුවන් ප්‍රමාණය ඔබ ගණනය කරන්න.
අපි කියමු ලංකාවේ අලුතෙන් දරුවෝ ලක්ෂයක් ඉපදිලා ඉන්නවයි කියලා. ලක්ෂයක් දරුවෝ ඉපදිලා ඉන්නවා නම් ඔබට කියවීමක් තියෙන්න ඕනේ තව අවුරුදු 15ත් 20ත් අතර මේ මේ අවුරුද්දේ ඉපදුන දරුවෝ ටික ලක්ෂයක් ලෙස උපකල්පන කළහොත් අවුරුදු 15කින් මූලික අධ්‍යාපන ඉවර කර මේ දරුවෝ ටික රැකියා වෙළඳ පොළට එනවා.
අවුරුදු 20ක් 25ක් වන විට විශ්ව විද්‍යාලය අවසන් කරලා උපාධීධාරීන් ටික රැකියා වෙළඳ පොළට එනවා. එහෙනම් රජයක් විදිහට ඔබ දැන් පටන් ගන්න ඕන තව අවුරුදු 15කින් සහ 25කින් මේ ලංකාවේ රැකියාව වෙළඳපොළ මොකක් වේවිද? අලුතින් කොච්චර රැකියාව ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියේවිද?
රැකියා කීයක් මියගිහින් තියෙවිද ? දැන් ගණන් කරන්න. තව අවුරුදු 5කින් 2025 ඉපදිච්ච දරුවා 1 වසරට එන කොට 2045- 2050 ඉලක්ක කරගත්ත රැකියා ප්‍රතිසංස්කරණ දැන් ගේන්න.
එතකොට එදාට ඔබ ආණ්ඩුවෙ ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්, එදාට රැකියා විරහිතභාවයට උත්තර හම්බු වෙනවා. විශ්ව විද්‍යාල පද්ධතිය තුළ හඳුනා ගන්න ඕන රැකියා විරහිත උපාධිධරියෙක් හැදෙන්න බලපාන අධ්‍යාපන රටාව වෙනස් කරන්න ඕන. ප්‍රායෝගික පුහුණුව ගේන්න ඕන විශ්ව විද්‍යාල ඇතුල ට. ඉතින් අපි විශ්වාස කරනවා දැක්මක් ඇති පාලකයෙක් මේ ආණ්ඩුවේ ඉන්නවනම් දැන් පටන් ගන්න ඕන මේ අයවැය ඇතුලේ පා ර් ලි මෙන්තු වේ 3/2 ක් තියෙනවා. බය නැතුව මේ වෙනස්කම් වලට මුල පුරන්න පුළුවන්. මෙන්න තියෙනවා ඇත්ත උත්තරේ යැයි දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිදු විජේවීර මහතා වැඩිදුරටත් පැවසීය.