උතුරු පළාතේ යාපනය,කිලිනොච්චිය,මුලතිව්,මන්නාරම,වව්නියා දිස්ත්‍රික්කවල එකම හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඉදිරියේ දී නව හෙද පත්වීම් ලබා දීමත් සමඟ එම අඩුව සපුරාලීමට කටයුතු කරන බව ද ඒ මහතා කීය.
නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.
වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථ වාහන අළුත් වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත් ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබා දීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත් රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරන බව ද ඔහු පැවසී ය.
සෞඛ්‍ය සේවාව පරිවර්තනයකට ලක් විය යුතු බවත් ලෝකයේ සෞඛ්‍ය සේවාවන් පරිවර්තනයට ලක්ව ඇති බව ද හෙතෙම කීය.
සෞඛ්‍ය සේවාව ජනතාව කේන්ද්‍ර කර ගත යුතු බවත් පැවතුනේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බව ද ජනතාව පුරුදුව තිබෙන්නේ දුර ගෙවා ගොස් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට බවත් යාපනය රෝහලේ ද රෝගී තදබදයට එම තත්ත්වය හේතු වී ඇති බව ද පැවසී ය.
ජනතාව පොලිම් වල නො තබා නවීන තාක්ෂණය ද යොදා ගනිමින් වේලාවක් ලබා දී ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසී ය.