ගොවීන්ගේ ඉඩම් හිමිකම ආරක්ෂා කරන්නට රට පුරා කෘෂි ඉඩම්  ගොවි සමාගම් සකස් කිරීමේ දැවැන්ත වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට  කටයුතු කරන බව  කෘෂි කර් ම  පශු සම්පත් ඉඩම් හා වාරි මා ර් ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති Reuven Azar මහතා අතර හමුව කින් පසුව, කොළඹ  ගොවිජන මන්දිරයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේද පැවසීය.

මෙම හමුවේ දී දෙරට අතර කෘෂි කර් ම ,පශු සම්පත්,වාරි මා ර් ග  තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂි ක ර්  මීක ක්‍රමවේදයන් පිළිබඳ විශේෂ සාකච්ඡාක් ද සිදු කළ බව ද ඒ මහතා කීය.

තානාපතිවරයාගේ ප්‍රකාශය අනුව ඊශ්‍රායලය වසර එකහමාරක අභියෝගාත්මක කාලයක් පසුකරමින් ත්‍රස්තවාදයට එරෙහිව ඵලදායී ලෙස ක්‍රියාකරමින් එය ජය ගැනීමට සමත් වූ බවත් බහුල ගැටළු අතරතුර ඔවුන් ඉවසීමෙන් හා ශක්තිමත්ව ඒවාට මුහුණ දී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ඊශ්‍රායලයේ වර්තමාන ආර් ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, තානාපතිවරයා පැවසුවේ එරට ආර් ථි කය මේ වන විට තිරසාර ව ර් ධනයක් පවත්වමින් සිටින බවත්, වා ර් ෂික   ව ර් ධන  වේගය සියයට 04 ක් ලෙස සටහන් වන බවත්ය.

ආයෝජන අවස්ථා විශේෂයෙන් නව නිපැයුම් හා තාක්ෂණ අංශයන්හි දී ඉතා ආකර්ෂණීය මට්ටමක පවතින බව ද ඔහු අවධාරණය කළේය.

තානාපතිවරයා අවධාරණය කළේ ඉන්දියාව සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන “Center of Excellence” (විශිෂ්ටතා මධ්‍යස්ථාන) කෘෂි ව්‍යාපෘති 32ක් සාර් ථකව ක්‍රියාත්මක වන අතර, එවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේද ආරම්භ කිරීමේ හැකියාවක් පවතින බවයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න