උස පුටුවක් එපා කොට පුටුවක් ඕනේ එතකොට තමයි ජනතාවයි මායි සමාන යැයි කෘෂි කර් ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
තමන් අමාත්‍යවරයා ලෙස අසුන් ගැනීමට අමාත්‍යංශය සූදානම් කර තිබූ උස් පුටුව ඉවත් කිරීමට කටයුතු කළ බව කෘෂිකර් ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.
මම රටේ අනික් මිනිසුන් වාගේම බවත් නිලධාරින් හා සමානව සිටින බවත් මමත් සාමන්‍ය පුද්ගලයෙක් මිස ලොක්කකු නොවන බවත් ඒ මහතා කීය.
තම මේසය ඉදිරිපස ඇති පුටු හා සමාන වන මට්ටමේ පුටුවක් තමන්ට ද ගෙන්වා තබාගත් බව ද ඒ මහතා කීය.
තමන් ඉදිරිපස සිටින පුද්ගලයා තමන්ට සමාන කෙනෙක් මිස තමන්ට වඩා යටින් සිටින පුද්ගලයෙකු නොවන බව තමන් එයින් ප්‍රකාශ කරන බවත් ඒ මහතා කීය.