මුල් පිටුව පුවත් අලුත් සුව පුවත් 2024.04.29සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක... පුවත් අලුත් සුව පුවත් 2024.04.29සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය 2024 ජූනි මාසයෙන් අවසන්..ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමට ලෝක බැංකු ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වූ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතිය (PSSP ) එළඹෙන ජූනි මාසයෙන් අවසන් වීමට නියමිතය .ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ව්‍යාපෘති අධ්යක්ෂ ,හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වි.වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.ජූනි මාසය අවසන් වීමට පෙර සියළු කටයුතු නිම කර ඉතිරි ප්‍රතිපාදන කඩිනමින් භාවිත කර මහජන සේවා ශක්තිමත් කිරීම ස්ථීර කර ගත යුතු බව අධ්යක්ෂවරායා අවධාරණය කලේය.ව්‍යාපෘති නිලධාරින් ,පලාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුළු කණ්ඩායමක් රැස්වීමට එක්වූහ.PSSP ව්‍යාපෘතිය නිම වීමෙන් පසු ඉදිරියේදී ලෝක බැංකු ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂෙත්රයට ලබා ගැනීමේ ඉඩක් ඉදිරි නව ලෝක බැංකු ව්‍යාපෘතියක් හරහා සිදුවන බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර අනාවරණ කලේය. එය මෙතෙක් ලෝකයේ ක්‍රියාත්මක නොවූ නව ආකාරයේ නිර්මාණශීලී ව්‍යාපෘතියකි.මේ සියල්ල ලෝක බැංකුව ක්‍රියාත්මක කරන්නේ හුදෙක් සෞඛ්‍ය සේවා නැංවීමේ පටු පරමාර්ථයෙන් නොව මෙරට මානව ප්රාග්ධනය නැංවීම(Human n capital) වෙනුවෙනි.ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ මෙම සෞඛ්‍ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලෝක බැංකුව දැඩි ප්‍රසාදයට පත්ව සිටී.මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කල ආකාරය ලෝකයේ අනෙක් රටවල සෞඛ්‍ය සේවා පද්ධති නැංවීම වෙනුවෙන් උපකාරී වන මග පෙන්වීමක් හා සාර්ථක කථාවක්(Sucsess story) ලෙස ඉදිරියේදී ලෝක බැංකුව විසින්ද භාවිත කිරීමට බලාපොරොත්තු වන බවජයසුන්දර මහතා කියා සිටී.එය ශ්‍රී ලංකාව වැනි රටක් ජාත්‍යන්තර මට්ටමින් සම්භාවනාවට පත් වීමට කරුණක් වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය .වැඩි විස්තර ,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර 07143982010112680549 (කාර්යාලය) විසින් සුමිත් කොඩිතුවක්කු - April 29, 2024 146 0 FacebookTwitterPinterestWhatsApp ජානක සුනෙත් බණ්ඩාර2024.04.29 පෙ.ව.11.30ජායාරූප අමුණා ඇත සම්බන්ධ ලිපිකතුවරයා වැඩි දවස් 365කට දළ දා දැක්මක් එයි! බලපිටිය හා කඹුරුපිටිය යන මුලික රෝහල් වල වායු රෝගයක්! ලංකාවේ පණු වෙකුගේ මිල රුපියල් 45 000 යි! එක්ස්ප්‍රස් පර්ල් කුණු නැව රුපියල් කෝටි ගණනකට විදලා! සමලිංගික කටයුතු ළමා කාන්තා පොලිසිය කරයි! ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි ඊමේල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, ඊමේල් සහ වෙබ් අඩවිය සුරකින්න.