මානව හිතවාදි ආකාරයෙන් ජනතාවගේ හදවතේ මනාපය ජන්දය හරහා ලබා ගන්නා වූ නවතම දේශපාලන බලවේගයක්  සකස් කරන බව දෙවන පරපුර නායක උවිදු විජේවීර මහතා පැවසීය.

ජනතාව සමඟ ගමන් කරමින් සැලසුම් සකස් කර මින් ජනතවාදී දේශපාලන ක්‍රමයක් ඇති කරන බව  දෙවන පරපුර නායක උවිදු විජේවීර මහතා පැවසීය.

මෙවර මැතිවරණ ප්‍රතිඵලයත් ඒ බව ප්‍රකාශ කරවන බවත් ආණ්ඩුවේ පියතාවය ගිලිහි යන ආකාරයක් ද  දැකිය හැකි බවත් හෙතෙම කීය.

විපක්ෂයේ සමහර හොර දුෂිත පක්ෂ නායකයන් යළිත් සන්ධාන ගත වෙමින් පැරණි දුෂිත දේශපාලන සංස්කෘතියට ගමන් කරන්නට යන බවත් මෙය වැලැක්වීමට කළ හැකි කළ යුතු එකම විකල්පය අප පක්ෂය සමඟ එක් වි නිවැර දී දේශාපලන ගමන් යෑම බවත් ඒ මහතා කීය.

මේ වන විට රටේ පවතින දේශපාලන නායකයන් පක්ෂ පක්ෂ ලාංචනයන් ආදි සියලුම එපා කියන තැනකට මේ රටේ ජනතාව ජන්ද දායකයා පත්කර තිබෙනවා.

මේවන විට රටේ ජනතාව ජන්දය ප්‍රකාශ කරන අකැමත්ත මෙන්ම කළ කිරුණු බවක් දැකිය හැකියි.

ජනතාවගේ ජන්ද උනන්දුව අඩුයි. ජනතාව මේ තිබෙන පක්ෂ නායකයන් සියල්ලම එපා කියනවා. ජනතාව අලුත් නව දේශපාලන බල වේගයක්  හොයනවා.

මේ සඳහා එකම විසදුම අප පක්ෂයයි. ජනතාවගේ සිතුම් පැතුම්වලට පන්නරය දෙන නව දේශපාලන ගමනක් යන්නට අප සමඟ එක් වන්නට ජනතාව මේ වන විට එක් වෙමින් සිටින බව ද ඒ මහතා කීය.

නව නායකයෙක් නව ප්‍රතිපත්තියක් රටේ ජනතාව සොයමින් සිටිනවා. අන්න ඒ වෙනසට නැවන් වෙනසක් එක්ක අප පක්ෂය ජනතාවට නායකත්වය ලබා දෙනවා.

නායකයන් හා ප්‍රතිපත්යි ද වෙනස් ආකල්පයන්ද ඇති පක්ෂයක් ජනතාව සොයමින් සිටිනවා. ඒ  බව මේ ජන්ද ප්‍රතිපලය සනාථ කර තියනවා. ජනතාව අලුත් පක්ෂයක් නායකවයක් ඉල්ලනවා. ජනතාව පක්ෂ හා නායකයන් පිළිබඳව ජනතාව ප්‍රතිශේප කරනවා.  ජන්දය ප්‍රකාශ කිරීම තුළ එය දැකිය හැකියි.

පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි වී තියනවා. ඒ නිසා ජනතාව මේ වර ජන්දය ලබා දීම අඩු කර මේ විරෝධය ප්‍රකාශ කර තියනවා 

අලුත් දේශපාලන සුජාත පක්ෂයක් දේශපාලන ව්‍යාපරයක් ජනතාව ඉල්ලනවා.

අප පක්ෂය ජනතාවාදි පක්ෂයක් මානව හිතවාදී ව්‍යාපාරයක් ලෙස ජනතාවට නායකත්වය දෙන්නට අප සුදානම් බව අප ජනතාවට ප්‍රකාශ කරනවා.

ජනාධිපති උපාධිධාරින් අමතක කරොත් වැඩේ වරදියි. නවක වදයට අපි විරුද්ධ බව ද ඒ මහතා කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න