අසල්වාසීන්ට හිරිහැර වන අන්දමින් ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන අධිකරණය හමුවේ නඩු විභාග වලින් වැරදි කරුවන් වී සිටින කඩවත ගල්වල පාරේ රනජය ගම නිවසක පදිංචිව සිටි මව පියා සහ පුතුන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 28ක් සමඟ පසුගිය සෙනසුරාදා කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත් අඩංගුවට ගෙන ඇත.
පොලිසියේ රාජකාරියට බාධා කිරීම,පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම කළහකාරීව හැසිරීම,ඇතුළු චෝදනා ගොණුකරමින් පොලිසිය සැකකරුවන් 6 වනදා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු 9වනදා දක්වා රක්ෂිත බංධනාගාර ගත කර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් මවට සහ පව්ලේ වැඩිමහල් පුතු බවට පැවසෙන 24 හැවිරිදි තරුණයාට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සහ ආරවුල් සම්බන්ධයෙන් පෙර වැරදි කීපයක් ඇති බවද සදහන්වේ.
බාල දරුවා වන වයස අවුරුදු 17ක පිරිමි ළමයාගේ සහාය ගෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.