පසුගිය රජය ජාත්‍යන්තර ණය දෙන ආයතන වල උපදෙස් පරදි කැබිනට් අනුමැතිය ලබාගත් ඒකීය කම්කරු නීතිය යනුවෙන් වූ අමානුෂික නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වලකින ලෙස රජයට යෝජනා කල යුතු බවත් එය ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්ති වලට පටහැනි බවත් නිදහස් සේවක සංගමයේ මහ සභාවේදී (26) ඒකමතිකව සභා සම්මත විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සහයෝගයෙන් දේශපාලන කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් ඉවත් වීමටද නිදහස් සේවක සංගමය මෙහිදී තීන්දු කළේය.
කොළඹ, පදනම් ආයතනයේදී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ 10 වන නියෝජිත සම්මේලනයේදී යෝජනාවක් සම්මත කරමින් නිදහස් සේවක සංගමය මෙම තීරණයට එළඹියේය.
නිදහස් සේවක සංගමයේ විදුලි බල මණ්ඩලයේ ශාඛාවේ සභාපති ඩබ්ලිව් සී ඩී ප්‍රභාත් මහතා පළමු යෝජනාවද ටෙලිකොම් ශාඛාවේ සභාපති මනෝජ් මනම්පේරි මහතා විසින් දෙවන යෝජනාවද ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග දේශපාලන කටයුතු සිදු කිරීමට අත්සන් කරන ලද ගිවිසුමෙන් කිසිදු ඵලදායී ප්‍රතිඵලයක් ලැබී නැති බැවින් එයින් ඉවත් විය යුතු බවද දෙවන යෝජනාවේ සදහන් කර තිබේ.
මෙම තෛයිවාර්ෂික නියෝජිත මහ සම්මේලනය සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සමූපකාර, වතු සමාගම්හි පිහිටුවන ලද ශාඛා වෘත්තීය සමිති 280 ක් නියෝජනය කරමින් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් සහභාගී විය. නිදහස් සේවක සංගමයේ සමස්ථ සාමාජික සංඛ්‍යාව 60000 කට අධික බවද මෙහිදී අනාවරණය විය.
මෙම නියෝජිත සම්මේලනයේදී තවත් යෝජනා 04 ක් ඒකමතිකය සභා සම්මත විය.
සංඛ්‍යාලේඛණ දත්ත අනුව ජීවන වියදම රුපියල් 21,814/- කින් වැඩි වී ඇති බැවින් සේවක අවම වැටුප රුපියල් 50,000/- ක් දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම, රාජ්‍ය ව්‍යාපාරවල සේවය කරන සේවකයින් සදහා 2015 අයවැයෙන් පසුව කිසිදු දීමනාවක් වැඩි වී නොමැති බැවින් රාජ්‍ය ව්‍යාපාර අංශයේ සේවකයින්ට රුපියල් 10,000/- අයවැය දීමනාවක් ඉල්ලා සිටීම, කම්කරු නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන උප කොන්ත්‍රාත්කාර (Manpower) අහෝසී කිරීමට රජයෙන් ඉල්ලා සිටීම, පසුගිය ආණ්ඩුව විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද ඒකීය කම්කරු නීතිය සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටින ලෙසත්, කූට වෙළෙදුන් විසින් සිදුකරන ආහාර සැගවීමේ ක්‍රියාවලිය පරාජය කිරීම සදහා සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කරන ලෙස වූ යෝජනාවය.
මෙම යෝජනා පිළිවෙලින් ටෙලිකොම් ශාඛාවේ සභාපති මනෝජ් මනම්පේරි, ඛනිජ තෙල් ශාඛාවේ සභාපති ජගත් විජයගුණරත්න, ලේක්හවුස් ශාඛාවේ අනුර ගොඩකන්ද, සමූපකාර අංශයේ ජී ජී චන්ද්‍රසේන ඛනිජ තෙල් සංස්ථාවේ ජගත් විජයගුණරත්න යන මහත්වරුන් විසින් යෝජනා කරන ලද අතර ගුවන් තොටුපල වෘත්තීය සමිතියේ ලේකම් රවීන්දු සුදර්ශණ මහතා විසින් ස්ථිර කළේය.