ලංකාවේ ජනතාව අතරින් එක් පුද්ගලයෙකු වසරකට සීනි කිලෝ 34 ක් කෑමට ගන්නා අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ වසරකට සීනි කිලෝ දහයක් (10) පමණ ගත යුතු බව  ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා පැවසීය.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එසේ පැවසීය.

යහපත් මුඛ සෞඛ්‍යය පවත්වා ගැනීමේ වැදගත්කම මුල්කොට ගෙන සෑම වසරකම මාර්තු 20 වන දිනට යෙදෙන මුඛ සෞඛ්‍ය දිනය “සතුටු මුවයි සුවැති මනසයි” යන තේමාව යටතේ සමරනු ලබනවා.

ලෝක මුඛ සෞඛ්‍ය දිනයේ ප්‍රධාන වැඩසටහන 2025 මාර්තු 20 වන දින කොළඹ ගාලු මුවදොර පිටියේදී සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට ශ්‍රී ලංකා දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එමෙන්ම සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි තෝරාගත් දුෂ්කර ප්‍රදේශයක පාසල් හා පෙර පාසල් ළමුන් සඳහා දන්ත ප්‍රතිකාර කඳවුරු පැවැත්වීමට ද 2025 මාර්තු 21 වන දින කටයුතු යොදා ඇති බව ද ඒ මහතා කීය.    

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ ලෝක මුඛ සෞඛ්‍ය දින කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක මහතා මෙසේ ද පැවසීය.

නමුත් අප වැඩි ප්‍රමානයක් සීනි කෑමට ගෙන දැත්දිරා යෑම හා වෙනත් රෝග රැසකට යන්නට වැඩි පුර සීනි ආහාරයට ගන්නා ජාතියක් වශයෙන් ඉතිහාසයට එක්වෙන බව පෙන්වා දිය හැකියි.

ලෝක ජනගහනයෙන් 3.5 මුඛ රෝගවලින් පෙලෙනවා. ලොව ඇති සුලභව දැකිය හැකි රෝග වන්නේ මුඛ රෝගයි. මුඛ රෝගවලින් පෙළෙන පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තුන්දෙන්නේකු දුප්පත් රටවල දැකිය හැකි බව පෙන්වා දිය හැකියි.

මෙය ගැටළුවකි. ලෝක ජගනගහනයෙන් අඩකටම මුඛ රෝග දැකිය හැකියි. බො නොවන රෝවලින් වැඩිපුරම දැකිය හැකි රෝගය වන්නේ මෙයයි.  ලොව ජනගුහනයෙන් සියයට 34 ක්ම දැත්දිරා යෑමේ රෝගයට ගොඳුරු වී තිබෙනවා.

ලෝකයේ දැකිය හැකි බහුලම රෝගයකි දත්දිරා යෑමේ රෝගය. මෙය ගැටළුකි. පාලනය කළ නොහැකියි.

ලංකාවේ කුඩා දරුවන්ගෙන් වයස අවුරුදු 5 ට අඩු දරුවන් අතර සියයට 63 ක් මුඛ රෝගවලින් පෙලෙන අතර දත්දිරා යෑම සියයට 63ක් බව පෙන්වා දිය හැකියි. මෙය බරපතල ප්‍රශ්ණයකි.

නිරතුරුවම දන්ත වෛද්‍යවරුයෙක් හමුවී දත් පරික්ෂාව සිදුකළ ගත යුතුව  තිබෙනවා.

දන්ත වෛද්‍යවරයකුගේ සහයෝගය උපදෙස් සෑම අයකුම ලබාගත යුතුව තිබේ. දත් දිරායෑමට හේතුව සීනි සහ සීනි හා පිටි සහිත ඇලෙන සුළු ආහාර මෙන්ම සමබර ආහාර වේලක් ලබා නොගැනීම නිසා සිදුවුන බව පෙන්වා දිය හැකියි.

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප වලින් දත් මදින්නේ ලංකාවේ සියයට 75 ක් පමණ පිරිසකි. ෆ්ලෝරයිඩ්  සහිත දන්තාලේප වලින් දත් මදින්නේ නැති පිරිස ලංකාවේ සියයට 25ක් පමණ ප්‍රමාණයකි.

අප අද මැයි මස 20 දිනයේ ලංකාවටම ෆ්ලෝරයිඩ්  සහිත දන්තා ලේපවල වැදගත් කම හා ඒ සම්බන්ධව අලුත් ෆ්ලෝරයිඩ් සහිත දන්තා ලේපයක් හදුන්වා දීමට ද බලාපොරොත්තු වෙන බව ද ඒ මහතා කීය. 

ලංකාවේ සියයට පනහක්ම නිසි පරිදි දවසට දෙවරක් දත් මදින්නේ නැති බවත් ලංකාවේ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයකු නිසිපරිදි දිනපතා දත් මදින්නේ නැති බව ද හෙතෙම කීය.

වැඩිහිටි වයස අවුරු 80 වු පුද්ගලයකුගේ මුඛයේ දත් 20 ක් තිබිය යුතු බවත් නිරෝගිමත් වැඩිහිටියකුගේ  මුඛයේ දැත් 32 ක් තිබිය යුතුව තිබේ.

නිරෝගිමත් පුද්ගලයකුගේ දැන්ත සෞඛ්‍ය පිළිබඳව කතාකරන විට තම මුඛයේ කිසිදු දතක් දිරා යෑම සිදු නොවිය යුතුව තිබෙනවා.

මේ නිසා ලොවට අපට හා රටට කටට දත වැදගත් වෙනවා වාගේම මුඛයට 20 වැදගත් වෙනවා. ඒ නිසා තමයි ලෝක මුඛ සෞඛ්‍ය දන්න දිනය මැයි මැස 20 වන දිනය ලෙස නම් කර ඇත්තේ යැයි ද ඒ මහතා කීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න