නමුත් ඉච්ඡාභංගත්වය දිගටම ? ? ? ?
1506 ගෝවේ පාලකයාගේ අණසක පරිදි දන්ත ධාතුව පැහැරගෙන ගොස් ගෝවේ පාලකයාට බාර දුන් විට ඔහු එය පුළුස්සා කුඩු කර දැමූ බවට සමහර ලේඛකයින් ග්‍රන්ථාරූඪ කර තිබෙනවා.
කතාව ඇත්තක් වුවත් බොරුවක් වුවත්,,උන්මාදයෙන් පෙළුනු කතෝලිකයින් වන පෘතුගීසීන් සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් නොව සිංහලේ රාජාවලිය සදහටම අවසන් කළ හැක්කේ දන්ත ධාතුව විනාශ කිරීමෙන් බව ඔවුන්ද දැන සිටි බව ප්‍රකට කරන තොරතුරු අතීතයේ පටන් අද දක්වාත් සංසරණය වෙමින් පවතිනවා.
ඉතිහාසය පුනරුචාරණය වන විට උතුරේ පමණක් නොව මුළු රටේම පාලකයා වේළුපිල්ලේ ප්රභාකරන්ද නැතිනම් අනුර කුමාර දිසානායකද කියන දෙය කතෝලික පල්ලියට අදාල නැහැ.
තක්කඩිපාලකයාගේ අනුප්‍රාප්තිකයා තක්ඩියෙක් විය යුතු යැයි සම්මතයක් නැති නමුත්, ශ්‍රී ලංකා සන්දර්භය තුළ දුෂ්ට පාලකයාගේ අනුප්රාප්තිකයින් වීම සඳහා තක්කඩියන් නොතිත් ආශාවෙන් පෙළ ගැසීසිටිනවා.
2004 බලයට පත්වීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග
88-89 ආර්.ප්‍රේමදාස නම් මෘගයා විසින් මරා දැමූ 80,000 කට ආසන්න තරුණ පිරිසේ මළමිනී විකුණා විශාල දේශපාලන ජයග්‍රහණයක් ලැබුවා.
අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්ෂගේ දූෂණ හා රනිල් වික්‍රමසිංහගේ ඝාතන විකුණා 59 ලක්ෂයක ජනතාවගේ ඡන්දය ලබා ගත්තා.
සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ඉතිහාසය පුනරුචාරණය වීමක් නොව අදෘශ්‍යමාන බලවේගයක් විසින්
ඔවුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා කෲරත්වය, මැලේච්ඡත්වය, රැවටීම, බොරුව නැවත කරළියට ගෙන ඒමයි.
කුණු වූ ඇපල් ගෙඩියේ පණුවන් මෙන් ජඩ මාධ්‍යයද
දූෂිත දේශපාලකයින්ට බලයට ඒමට උදව් කරමින් සුපුරුදු චර්යාව දිගින් දිගටම කරගෙන යති.
ඇත්තෙන්ම රටේ වෙනසක් සිදුවූවා යයි උදම් අනන පිරිස් සිදුවූවා යැයි කියන වෙනසට ඔවුන්ගේ පාරිභාෂික ශබ්ද මාලාවේ ජනප්‍රිය වචන වන System Change, පුනරුදය (Revival), නව දේශපාලන සංස්කෘතියක් ආදී වශයෙන් ඔළුවට නොව කටට එන වචන දොඩමින් සුපුරුදු දේශපාලන දාදුකෙළියේ යෙදෙමින් සිටිති.
-තෙවෙනි ඇස-
23.03.2025