අන්තර්ජාලය ඔස්සේ හිතවත් කමත් ඇතිකර ගෙන ව්‍යාපාරිකයෙකු රවටා ඔහු සතු රුපියල් කෝටි තුනක මුදලක් සිය බැංකු ගිණුම් 16 ක් වෙත වංචා සහගතව බැර කරවා ගත් බව කියන සැකකාර පුද්ගලයකු මැයි මස 2 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාමත් පසාන් අමරසේන මහතා ඊයේ (29) නියෝග කළේය.
දෙමටගොඩ ප්රඹදේශයේ පදිංචි මොහොමඩ් ස්ට්රේමට් අල්ලාහ් නැමැති සැකකාර පුද්ගලයකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
බටේපොළ ප්ර දේශයේ පදිංචි ව්යාිපාරිකයකු අපරාධ පරීක්ෂ්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
අන්තර්ජාලය ඔස්සේ පැමිණිකාර ව්යාිපාරිකයා සමඟ හිතවත් කමක් ඇතිකරගෙන ඇති සැකකාර පුද්ගලයා ඉන් දින කීපයකට පසු ව්යාාපාරයක් ආරම්භ කරමු යැයි පවසා පැමිණිලිකරුට යෝජනාවක් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
පැමිණිකාර පුද්ගලයා ඊට එකඟතාවය දැක්වීමෙන් අනතුරුව ව්යාිපාරය ආරම්භ කිරීමට නම් රුපියල් කෝටි තුනක් ආයෝජනය කරන ලෙසට සැකකරු පැමිණිකාර පුද්ගලයාට දැනුම්දී ඇති බවත් ඒ අනුව පැමිණිලිකාර පුද්ගලයා සැකකරුගේ බැංකු ගිණුම් 16 ට අවස්ථා කීපයකදී කෝටි තුනක මුදලක් බැර කර ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වන බවද එම නිලධාරින් අධිකරණය හමුවේ පැවසීය.