17 දින 11.30 දැවැන්ත උද්ඝෝෂණයක් !
කප්පාදුව නතර කරන්නට පියවර ගන්න නැතිනම් දිගටම අරගලය දියත් කරනවා…!
ලංකාවේ සියලුම රෝහල් ආවරණයවන පරිදි හෙද හෙදියන් පැය තුනක දැවැන්ත වැඩ වර්ජනයක් අද (17) දිනයේ ක්‍රියාත්මක කරන බව රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී ඒ බව ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
සියලුම රෝහල්වල පැය තුනක වර්ජනයක් දියත් කරනවා සේම අද (17) දින පෙ.ව 11.30 ට විරෝධතා උද්ඝෝෂණ ව්යාපරයක්ද අප දියත් කරනවා.
අප ගන්නා වූ වෘත්තිය ක්‍රියාමර්ගය ඉතාම පැහැදිලියි. අප රටේ වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය වෘත්තිකයන්ගේ දීමනා මේ ආණ්ඩුව මෙවර අය වැය ප්රකාශනය මගින් දිගින් දිගටම කප්පාදු කර තිබෙනවා.
වෛද්‍ය වැටුප් වැඩිවීමක් පෙන්නලා වෛද්‍ය වරුන්ගේ දීමනා කප්පාදු කර තියනවා. අතිකාල දීමනා ද මේ ආණ්ඩුව විසින් කප්පාදු කර නැති කර දමා තිබෙනවා.
කප්පාදු කළ වැටුප් දීමනා නැවත ලබා දෙන්න. ඒ සඳහා පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කර මෙම දීමනා ලබා දෙන්න කියා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
නැති නම් මෙම් වැඩ වර්ජනය නොනවත්තාම ඉදිරියට ක්‍රියාත්මක කරන්නට අප තීරණය කර ඇති බව ද රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.