පෙර පාසලේ සිට ලංකාවේ අධ්‍යාපන ක්‍රම වේදයකට හෙළ වෙදකම විෂය ඇතුලත් කරන ලෙස බුද්ධාගමේ නාමයෙන් අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ශාන්ති කර් ම ගුප්ත විද්‍යා සංස්කෘතියක බොදු පදනමේ සාමාජික හෙළ වෙද සංගමයේ වෛද්‍ය දිදුලංග නිතුන් කුමාර මහතා පැවසීය.
ගාල්ල, අහංගම ශ්‍රී විශුද්ධාරාම පුරාණ මහා විහාරයේ සිරි නිවාස දහම් පාසලේ 2025 ශිෂ්‍ය නායක උත්සවයට එක් වෙමි නි. මෙම දහම් සභාව (08) විහාරස්ථානයේ දී පැවැති විණි.
ගාල්ල අහංගම ශ්‍රී විශුද්ධාරාම පුරාණ මහා විහාරයේ විහාරාධිපති වත්තල දමිතවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම දහම් උත්සවය පැවැත් විණි.
වැඩි දුරටත් අදහස් දක්වමින් ශාන්ති කර් ම ගුප්ත විද්‍යා සංස්කෘතියක බොදු පදනමේ සාමාජික හෙළ වෙද සංගමයේ වෛද්‍ය දිදුලංග නිතුන් කුමාර මහතා මෙසේ ද පැවසීය.
අප රටට ආයුර් වේද අමාත්‍යංශයක් සහ ආයුර් වේද විෂයට අදාළ ව අමාත්‍යවරයෙක් අවශ්‍ය බවත් හෙළ වෙදකම සුරක්ෂිත කරන ලෙස අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ලංකාවේ හෙළ වෙදකමේ රහස් වට්ටෝරු මගින් ඖෂධ නිෂ්පාදනය කර විදේශ විනිමය ලංකාවට ගෙන ඒමට අපට හැකි බවත් ඒ සඳහා ඕනෑම සහයෝගයක් ආණ්ඩුවට ලබා දිය හැකි යි.
ලංකාවේ හෙළ වෙදකම යනු උතුම් බුදු දහමයි. එය කිසි දිනක නැති කරන්නට කිසි වෙකුටත් නො හැකි යි. ඉර හද පවතින තුරාවට ම මේ හෙළ වෙදකම ලංකාවේ ලෝකයේ ම පවතිනවා.
අද මේ හෙළ වෛද්‍ය ක්‍රමය ලෝකයට අවශ්‍ය වන යුගයකි. අපේ රටේ හෙළ වෙදකම තුළින් රටක් ලොවක් දිනන්නට හැකි යි. මේ ධන නිධානය අපි ලඟ තබා ගෙන වෙනත් හර සුන් සංවර් ධන ක්‍රම පසු පස ගමන් කරනවා. ඇමරිකාව පුමුඛ ලොව ඕනෑම රටකට අපිට කවර බාධා ඇති කළත් අපිට හෙළ වෙදකම වගේ දේවල් තියන තුරු කිසි වෙකුට අපට බාධා කරන්නට හැකියා වක් නෑ.
ඒ නිසා හෙළ වෙදකම රැක ගැනීම වත්මන් ආණ්ඩුවේ යුතුකම හා වගකීමක් වෙනවා. අන්න ඒ යුතුකම ඉට කරනු ඇති බවට අපි විස්වාස කරනවා.
ලංකාවේ හෙළ වෙදකම රැක ගන්නට නම් රජය මේ සඳහා දැවැන්ත වැඩ සටහනක් සකස් කළ යුතුව තියනවා.
මේ සඳහා පෙර පාසලේ සිට දහම් පාසල තුළ ද පාසල තුළ ද හෙළ වෙදකම පිළිබඳ ව කුඩා කාලයේ සිට දරුවන් දැනුවත් කරන්නේ නම් වැදගත් වෙනවා. මේ නිසා පාසල් හා දහම් පාසල් විෂය නිර් දේශයට හෙළ වෙදකම විෂය ඇතුල ත් කරන ලෙස අප අප ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා.
රටට පරිසරයට සොබා දහමට ආදරය කරන්න නම් පරිසරයට ආදරය කරන සමාජයක් ඇති කරන්නට මේ හෙළ වෙදකම සතු ව තියනවා. මේ නිසා මෙහි වැදගත්කම අද අප රටට උවමනායි.
ලංකාවේ ඩොලර් නැති කමට විසදුමක් ලබා දෙන්නට ද මෙම හෙළ වෙදකම මගින් හැකියාවක් තියනවා. පරිසරය සුරක්ෂිත කරන්න වාගේම රට ක්ලීන් කරන්නටත් මේ හෙළ වෙදක කම තුළින් හැකියාවක් ඇති බව ද ශාන්ති කර් ම ගුප්ත විද්‍යා සංස්කෘතියක බොදු පදනමේ සාමාජික හෙළ වෙද සංගමයේ වෛද්‍ය දිදුලංග නිතුන් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
සිරිනිවාස ධර්ම විද්‍යාලීය මාධ්‍යාංශ ප්‍රධානී ප්‍රවීණ විරිදු හා නිවේදන ශිල්පී කලා කීර්ති දේශ ශක්ති දේශාභිමානී ජාතික සම්මාන ලාභී සද්ධර්මාචාර්‍ය අහංගම බාසුරු කුඩාගම මහතා ද කතා කළේය.
ගාල්ල තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝ නායක හබරාදුව ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි හප්පාවන රේවත නායක හිමියෝ ද අනු ශාසනාවක් සිදු කළහ.
දහම් ගායන, වාදන රංගන ද එක්ව විද්වත් දේශන රැසකින් සමන් විත වූ මෙම උත්සවයේ දී බෝසත් ළමා ළපටියන්ට තිළිණ සහතික මෙන්ම ඇඟයීම ද සිදු කළහ.