හෙද සේවාවේ අභිවෘද්ධිය උදෙසා ගැටළු විස්සකට ආසන්න ප්‍රමාණයකට සෞඛ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර පැවැති සාකච්ජාවකින් විසදුම්  ලබා ගන්නට හැකි වී තිබේ.

හෙද සේවාවේ අභිවෘද්ධිය මෙන්ම හෙද නිලධාරීන්ට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු සංගමයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුව මෙම තීරණය ගෙන තිබේ.

වත්මන් හෙද සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ නොවිසිදුණු ගැටලු කිහිපයකට කඩිනම් විසදුම් ලබා ගැනීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත් විණි.

මෙහි දී ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීමට අදාළ ව ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාල පනත පාර් ලි මේන්තුවේ අනුමත කර ගැනීම හා කඩිනමින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම ප්‍රධාන රෝහල්වල පරිනත හෙද නිලධාරීන්ගේ අඩුව සපුරාලීම හෙද සොයුරියන්ගේ සහ විශේෂ ශ්‍රේණීයේ හෙද නිලධාරින්ගේ නිල නාම හා වැටුප්තල ලබා දීම, ආයු වේද රෝහල්වල හෙද පුරප්පාඩු පිරවීම සහ ස්ථාන මාරු ක්‍රමවේදයක් සැකසීම, භාණ්ඩ භාරකත්ව දීමනාව හා අනතුරු දීමනාව සංශෝධනය කිරීම, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෙද නිලධාරීන්ගේ දරුවන්ට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා ප්‍රතිපාදන ලබා ගැනීම, උපාධිධාරි හෙද නිලධාරීන්ගේ වැටුප් වර් ධක වාසිය නොකඩවා ලබා ගැනීම, හෘද කැතීටකරණ හෙද නිලධාරීන්ගේ දීමනා විෂමතාවය ඉවත් කිරීම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද සේවා) තනතුර සඳහා අයදුම් පත්‍ර කැඳවීම ආදී කරණු රැසක් පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කෙරිණි.

සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් කෙටි කාලීනව විසඳුම් ලබා දිය හැකි ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා දීම පිළිබඳව අවධානය යොමු කළ කළේ ය.

තවත් ගැටළු කිහිපයකට විසඳුම් ලබා දී මට ගන්නා ඉදිරි ක්‍රියා මාර් ග යන් පිළිබඳව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයින් දැනුවත් කිරීමට ද පියවර ගන්නා ලදි.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් චාමික ගමගේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිසිර කුමාර, ආයුර් වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ආයුර් වේද දෙපාර්තමේන්තුවේ  අතිරේක ලේකම් ශම්මි දෙනාවත්ත, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උප සභාපති ආර්.කේ බටුවිට යන මහත්ම මහත්මින් ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් මෙන් ම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය කරමින් එහි සාමාජිකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටිය හ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න