මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන්ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.
ජනපති සමාවට මුවා වී හිරෙන් නිදහස් වූ තවත් ප්‍රබලයෝ රැසක් සම්බන්ධයෙන් විමර්ශන ඇරබේ. ජනපති වරු කඩේ යවන ලද රවටන නිල නොලත් බන්ධනාගාර ජනපති කව්ද !
ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දුන් හැටි හෙලිවෙනවා..- පොලිසියෙන් නිවේදනයේ එයි!
ජනාධිපති පොදු සමාව භාවිතා කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීම පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ගරු ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 ර්වෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන දැනට සිර දඩුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබා දුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනෙකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් 2025.06.06 වන දින ජනාධිපති කාර්යාලය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.
එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් මීට අදාළව ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතවද ඇත.
මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.
මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාල බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
එම විමර්ශනයේදී, හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන්ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී.
ඒ සම්බන්ධවද ඉදිරි විර්මශන සිදු කරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයන් මඟින් වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.