ලෝක සාම හා යාඥා  දිනය යෙදි ඇති ජුනි 21 දිනට සමාගාමීව  කොළඹ දී අමුතු වැඩක්

ලෝකයේ හා අප රටේ භිහිසුණු යුද්ධය ඇති කළේ අහිංසක ජනතාව නොව රට රටවල් පාලනය කළ පාලනය කරන්නට මාන බලන අවස්ථාවාදී දෙස් විදෙස් දේශපාලඥයින් බව ජාත්‍යන්තර ප්‍රවීන නාට්‍ය හා රංග කලාවේදී වින්සන් ගුණරත්න මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.

ලෝක සාම හා යාඥා දිනය ජුනි 21 දිනට යෙදී ඇති අතර ඊට සමගාමීව මෙම වේදිකා නාටකය රංග දක්වනවා. මෙය දැවැත්ත කලාත්මක සාමය සහජීවනය  කිය වෙන වේදිකා නාට්‍යයක්. එය මේ මස ජුනි 22 දින සවස 6යි 30 ට ටවර් හෝල් රංගන ශාලාවේ දී වේදිකා ගත වෙනවා.   

කලාවෙන්, සංගියෙන්, සංස්කෘතියෙන් රට ආනන්දයේ දිගු දිසාවකට රැගෙන යන්නට අපිට කලාවට කලා කරුවන්ට හැකියාවක් තියනවා. මේ සඳහා රංගන, ගායන, වාදන එක්ව චිත්‍රපටයෙන් වේදිකා හා රූපවාහිනි නාටකයෙන් ද කළ හැකි කළ යුතු බොහෝ තියනවා.

මේ මගින් අදට රටට ලොවට උවමනා කරන සාමය සහ සහජීවනය ඇති කරන්නට හැකියාව ඇත්තේ ආගම දහමට හා කලාවට පමණක් බව ද ඒ මහතා කීය.

පවතින ලෝක දේශපාලනය තුළ ද ලංකාවේ ඇති සමාජ, ආර් ථි ක, දේශපාලන ක්‍රමය තුළ ද සාමය සහජීවනය නැති කරන්නට දේශපාලඥයින් මාන බලන්නේ ඔවුන්ගේ මල්ල තර කර ගෙන ජනතාව බිල්ලට දී තම පාලනය ගෙන යන්නටයි.

මේ සඳහා දිගින් දිගටම ජනතාව රට තුළ රවටා ලබා ගත් මේ රටේ තත්ත්වය අද ඉතාම දරුණු ආකාරයට ජාතික සමගියට බලපා තිබෙනවා. මේ තුලින් රට කරන වන පිරිස්ද  රට කරවන්නට මාන බලන පිරිස් ද දිගින් දිගටම සිදු කළේ ජනතාව කා කොටා ගන්නට සලස්සා ඔවුනගේ පටු දේශපාලනය ජන ගත කර සමාජ ගත කරන එකයි. බලය අල්ලා ගෙන ජනතාව දිගින් දිගටම යුද්ධයට මුවා වි රට කරවන්නටයි.

මේ නිසා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්නට කලා කරුවන්ගේ යුතු කමයි. වගකීමයි. මේ නිසා ඒ සඳහා අප මේ වන විට දැවැන්න කලාත්මක අරගලයක් රට පුරා දියත් කරනවා. එය විදෙස් රටවලට ද රැගෙන යන්නට ද කටයුතු කරන බව ද ඒ මහතා කීය.

ඒ අනුව අප මේ වර වේදිකා නාටකයක් හරහා ලංකාවේ සාමය සහජීවනය ඇති කරන්නට  මුල්ම පන්නරය ලබා දෙන්නට වේදිකාව උපයෝගි කර ගන්නවා. ඒ යටතේ සුද්දාගේ කියුම නම් වූ නවතම රසාලිත්ත වේදිකා නාටකය ජනතාවට ඉදිරිපත් කරනවා. මෙහි මුල්ම වේදිකා දැක්ම මේ මස එනම් 2025.06 .22 දින ටවර් හෝල් රංගන ශාලාවේ දී සවස 6.30 ට    සුද්දාගේ කියුම වේදිකා නාට්‍ය රංගනය කරන්නට නියමිත බව ද ඒ මහතා පැවසීය.

ලංකාවට පැමිණි සුදු ජාතිකයෙන් මේ වන විට රටට වී ඇති හෙන පතය හා රටේ සිදුව ඇති ව්‍යවසනය සම්බන්ධයෙන් වසර ගණනාවකට පෙර දී පොතක් පල කර කියා තියනවා. අන්න ඒ කතාව මෙම සුද්දාගේ කියුම  නැමැති වේදිකා නාටකය හරහා මේ ආකාරයට ජන ගත කරවන බවත් එය ලංකා කලා ඉතිහාසයේ අතිශයින්ම ජනතාවගේ හදවතට දැනෙන රසවිත වූ කාලාත්මක වූ රසයෙන් හා රටටම අමුතුම කලාත්මක අද්දෑකිමක් ලබා දෙන අපේ කාලයේ දැවැන්ත කලාත්මක වේදිකා නාටකය ලෙස ඉතිහාසයට එක්වන බව ද ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට  සියලු ජාතීන්ගේ සමගි සංවිධානයේ සභාපති  නීශාන්ත දර් ශන ජාසිංහ මහතා ද තෛනිකායික ආගමික උතුමන්ලා මෙන්ම වෘත්තිය වේදීන්, සාමය සහජීවනය අගයන ආගමික සංවිධාන සංවිධාන රැසක නියෝජිතයන්ද  ද ජනප්‍රිය කලාකරුවන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවේ දී අදහස් දැක් වූහ.                    

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න