ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 69 වන වියෙහි පසු විය. හෙතෙම ජනප්‍රිය ගීත රැසක හිමිකරු විය.
සමන්ද සිල්වා මහතා 70 දශකය රසවත් කළ ඒ ජනප්‍රියත්වය නොකඩවා රඳවාගත් ගායන ශිල්පියෙකි.
සමන්ගේ ගීත අතර නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ එපා එපා රැවටෙනු (සුරූපී විරූපී) සංතෝස වෙන්න ප්‍රීති වෙන්න තන නිල්ල දිගේ පුරහඳ නැගුණා මේ ආදී ගීත ඉතා ජන ප්‍රිය විය.
සමන් ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වූූ අතර එක්සත් ජාතික පක්ෂය කලා සංසදයේ ජාතික සංවිධායක ද විය. සමන් ද සිල්වා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ද තරඟ කෙළේ ය.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි නාලන්දාවේ මොහුගේ සම කාලිනයෙ කි.
සමන් සංගීත සංදර්ශන සඳහා සමන් ලොව පුරා බොහෝ රටවල් සංචාරය කර ඇත. සමන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. හෙළ සංගිත කලාවේ කලා කෙත අස්වද්දන්නට සමන් කළ මෙහෙයෙ සත්තකින්ම අගනේ ය.
ඒ මහතාගේ දේහය දැනට මොරටුව අඟුලාන සිය නිවසේ තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු මේ මස 29 වන අගුහරුවා දා දින සවස මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබේ.