මොනරාගල දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වැන්නෙන් වී ඇටයක්වත් වී අලෙවි මණ්ඩලයට ලැබී නැතැයි එම මණ්ඩලයේ දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා පැවසීය.

මොනරාගල දිස්ත්‍රික්කයේ අලුත්වැව,මුතු කණ්ඩිය,ඇතිමලේ මොනරාගල,මැදගම,වැල්ලවාය යන ප්‍රදේශව වල වී ගබඩා,වී මිලදීගැනීම සඳහා සූදානම්කර තිබුණත් ගොවීන් විසින් වී ලබාදී නොතිබිණි.

කාලයක් තිස්සේ කැළෑවට යටවී වල් බිහිව තිබූ වීගබඩා ගොවීන්ගේ සහ යුදහමුදාවේ ශ්‍රමදායකත්වයෙන් වී මිලදීගැනීම සඳහා ශුද්ධ පවිත්‍රකොට අලුත්වැඩියාකර තිබුණත් මෙලෙස වී ලබාදී තිබුණේ නැත.

මේ පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් කළ විමසුමකදී පැවසුවේ පුද්ගලික වෙළෙඳුන් රජයේ සහතික මිලට වැඩියෙන් කුඹුරටම පැමිණ වී මිලදීගැනීම නිසා ගොවීන් මණ්ඩලයට වී ලබානොදුන් බවයි.විශේෂයෙන් ගොවීන්ට ගබඩා වලට රැගෙනගොස් වී ලබාදීමේදී ඒ වෙනුවෙන් මුදල් වැයකිරීමට සිදුවීම නිසා මණ්ඩලයට වී ලබාදීමට ගොවීන් ඉදිරිපත් නොවන බවයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න