නිවසේ කාමරයේ ප්ලක් එකකට චාජ් කිරීමට යොදා දුරකතනය භාවිතා කරමින් සිටිය දී 25 වැනිදා සවස අධික වර්ෂාපතනය සහිත අකුණු සැර ගැසුණු අවස්ථාවේ දී අකුණක් වැදී පාසල් ශිෂ්‍යයෙක් මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ රංවල කහගල්ල පාර ගෝනමඩහේන ඊ 24/ඒ/1 ලිපිනයේ පදිංචිව සිටි කෑගල්ල පානකාව මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි රන්බංඩි දේවයලාගේ දර්ශන ප්‍රමෝධ්‍ය කුමාර නැමැති 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි.
මිය ගොස් ඇති පාසල් ශිෂ්‍යයාගේ පියා ධම්මික කුමාර කුලී වැඩ කරන බවත් වයස අවුරුදු 10 හා 04 ක බාල සහොදරයින් දෙදෙනෙක් සිටින බවත් මව ගෘහණියක් බවත් පොලිසිය පැවසීය. ශිෂ්‍යයා කෑගල්ල පානකාව මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි බවත් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් සිටි ශිෂ්‍යයෙක් බවත් පොලිසිය පැවසීය.
25 වැනිදා කෑගල්ල දේවාලේගම මලියදේව මහ විද්‍යාලයේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට දහවල් 1 ට පමණ නිවසට ශිෂ්‍යයා පැමිණ තිබේ. ටික වේලාවකට පසුව අධික ගිගුරුම් සහිත වර්ෂාපතනය පැවති අවස්ථාවේ දී පාසල් ශිෂ්‍යයා ඔහුගේ කාමරයේ තිබුණු ප්ලක් එකකට සිය දුරකතනය චාජ් කිරීමට යොදා දුරකතනය පාවිච්චි කරමින් සිටි අවස්ථාවේ දී අධික වර්ෂාපතනය මධ්‍යයේ එකවර අකුණක් පුපුරා යාමෙන් පාසල් ශිෂ්‍යයාට අකුණ වැදී 1990 ගිලන් රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ වන විටත් පාසල් ශිෂ්‍යයා මිය ගොස් තිබුණි.
මිය ගොස් ඇති පාසල් ශිෂ්‍යයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ 26 වැනිදා කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බණ්ඩාරගේ සංජය මහතා විසින් සිදු කෙරිණ. ශරිර කොටස් වැඩිදුරටත් පරීක්ෂණ වෙත යොමු කල බැවින් විවෘත තීන්දුවක් බවට කෑගල්ල හදිසි මරණ පරීක්ෂක රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.
කෑගල්ල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් ලේකම්ගේ (48569) නිලධාරියා විමර්ශන කටයුතු සිදු කෙරිණ. මිය ගිය පාසල් ශිෂ්‍යයාගේ අවසන් කටයුතු 28 වැනිදා පවුලේ සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.