කන්තලේ ප්‍රදේශයට ඇදහැලෙන  ධාරානිපාත වැස්ස හේතුවෙන් ජල ගැල්මට ලක්ව කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අග්බෝපුර ප්‍රදේශයේ කුකුළු ගොවිපොළක කුකුළු පැටවුන් දෙදහසකට අධික ප්‍රමාණයක් (30) උදැසන මියගොස් තිබේ.

සති කිහිපයක් පමණ වයස ඇති මෙම කුකුළු පැටවුන් ගොවිපළ හරහා පෙරදින ගලා ගිය ජල පහරට හසු වීමෙන් මිය ගිය බව කුකුළු ගොවිපළ හිමිකාරිය වන කන්තලේ අග්බෝපුර 84 පදේසේ පදිංච් නයෝමි තක්සිලා මහත්මිය පවසයි.

මීට අමතරව කුකුලන් සඳහා ලබාදෙන ආහාර මලු තොගයක්ද ජලයට හසුවීමෙන් විනාශ වී ඇත.

වසර ගණනාවක සිට ප්‍රතිසංස්කරණය නො වූ ඇල මාර්ග සහ ජල අපවහන පද්ධති නඩත්තු නොකිරීම නිසා තම කුකුළු ගොවිපළ හරහා ජලය ගලා යාමෙන් මෙම තත්ත්වය උදාවූ බවත් සතුන් මිය යෑමෙන් තමන්ට ලක්ෂ පහක පමණ අලාභයක් සිදු වූ බව කුකුළු ගොවිපළ හිමිකාරිය තවදුරටත් පැවසී ය .

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න