යල කන්නයේ කුඹුරු  වැඩ ආරම්භ කිරීමට පෙර සියලු ගොවීන්  මී උණ වැලැක්වීමේ  ප්‍රතිකාර  ලබා ගැනීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය  තුෂානි දාබරේරා මහත්මිය ප්‍රකාශ කළේ ය.

එම ඖෂධ  ප්‍රතිකාර ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයෙන් නොමිලයේ   ලබා ගත හැකි  බව ද ඇය කීවා ය.

ගොවි සංවිධාන හා කෘෂිකර්ම  අංශයට සම්බන්ධ නිලධාරීන් මී උණ වැලැක්වී මේ ප්‍රතිකාර ලබා ගැනීමට ගොවීන් තව දුරටත් උනන්දු කල යුතු බව ද ඇය පවසන්නී ය.

මේ වන විටත් එම ප්‍රතිකාර නො ගෙන කුඹුරු වැඩට බැස ඇත්නම් හැකි ඉක්මනින්  වැලැක් වීමේ ප්‍රතිකාර ලබා ගත යුතු බව ද ඇය කීවා ය.

මීයන් බෝ විය හැකි  ස්ථාන කුඹුරු අවට  නොති බෙන සේ පිරිසිදු කිරීම තුවාල සීරීම් සහිතව මඩට නො බැසීම කුඹුරේ ජලයෙන් කට, මුහුණ, අත්පා ආදිය  සේදීමෙන් වැල කීම  ආදී කරුණු ද මී උණ  වැලඳීම වැලැක් වීමට අනුගමනය කල යුතු ප්‍රධාන ක්‍රියා මාර්ග බව ද ඇය කීවා ය.

මේ දිනවල  මී උණ යැයි සැක කල හැකි රෝග ලක්ෂණ ඇත්නම් ගොඩ වෙදකම් නො කර රෝහලකින් වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීමෙන්  ජීවිතය ආරක්ෂා  කර ගත හැකි  බව ද ඇය කීවා ය.

මී උණ යනු වලක්වාගත හැකි රෝගයක් බවත්, එසේ තිබිය දී  තව දුරටත් මී උණෙන් ශ්‍රී ලංකාව තුල මිය යන්නේ නම් එය අසාධාරණ මරණයක්  යැයි ද එබඳු අසාධාරණ අවාසනාවන්ත මරණයකට කිසිවකු හෝ ගොදුරු වීමට ඇති ඉඩ කඩ අහුරා දැමීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ  වගකීමක් බව ද අලුත් සුව පුවත් වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය වැඩි දුරටත් සඳහන් කළා ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න