රටේ ජලජ බද්ධතිය මෙන් ම ජල විදුලි බලාගාර සියල්ලත් විකුණන්නට නීති ගෙන ආ රජය පුනර්ජනනීය බලශක්තිය ඩිසල් ගල් අගුරු ඉන්දියානු මාෆියාවට බිලි දෙන ගාස්තු ක්රමය පරදවමු යන්න සමාජ ගත කරමින් පුනර්ජනනීය බලශක්ති සුරැකීමේ පෙරමුණ කොළඹ විදුලි බල අමාත්යංශය ඉදිරිපිට දී (01) දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
රට අනුරට යන ගමනේ දී රට ම අඳුරට යවමින් රට ම ජනතාව ම අඳුරට යවන සූර්ය බල අවමඟුල වහාම නතර කරන ලෙස උඝෝෂකයෝ රජයට බල කර සිටිය හ.
පෝස්ටර්, බැනර්, නාම පුවරු ප්රදර්ශනය කරමින් සටන් පාඨ සමගින් උද්ඝෝෂකයෝ පැය ගණනාවක් විරෝධතාවයේ යෙදී සිටිය හ. සූර්ය බල කර්මාන්තයෙන් යැපෙන 60 000 කගේ රැකියා ආරක්ෂා කරන්නට ද වහාම පියවර ගන්නා ලෙස ද උද්ඝෝෂකයෝ මෙහි දී බල ධාරින්ට බල කර සිටිය හ.
විදුලි බල මණ්ඩලය මඟින් අත්නෝමතිකව සූර්ය විදුලි ජනනයේ ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව කරුණු පැහදිලි කිරීම සූර්ය විදුලි නිෂ්පාදක සමාගම් සහ පාරිභෝගිකයන් පරිසර සංවිධාන සියල්ලගේම සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබුහ.
ලංකාවේ සූර්ය බල කර්මාන්තයත් අඩු මිලකට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව බල ශක්තිය ලබා ගැනීමට පාරිභෝගිකයන්ට ඇති අයිතියත් මෙන් ම 60000 ක් පිරිසගේ රැකියා සුරක්ෂිත කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මෙම උද්ඝෝෂණය පැවැත් වූහ.