රාජකාරි නිළ ඇදුමේන් යුද හමුදා කඳවුර  ඉදිරිපිට  හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විකුණු හමුදා  රියදුරකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ උඩවලව ශ්‍රී ලංකා විදුලි  හා යාන්ත්‍රික ඉංජිනේරු බලකයාගේ සේවයේ නියතු සමාන්‍ය සෙබලෙකු වන රියදුරෙකි.

ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසන පරිදි එම නිළධාරින්ට ලද තොරතුරක් අනුව මෙම  වැටලිම සිදු කර තිබේ. ලද තොරතුර අනුව යුද හමුදා කදවුර ඉදිරිපිට නිළ ඇදුමෙන්  සැරසි පිටස්තර පුද්ගලයින්ට මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිට තිබේ. පසුව නිළදාරින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කර තිබේ.එම අවශ්ථාවේ සන්තකයේ  තිබි අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිළි ග්‍රෑම් 30ක් හමුව තිබේ. පසුව එම පුද්ගලයාගේ යුදහමුදා කදවුර තුල ඇති පුද්ගලික කාමරයේ (ලොකර්) සේප්පුව පරික්ෂා කිරිමේදි ඔහු විසින්ම තම සාක්කුවේ තිබු යතුර රැගෙන සේප්පුව විවෘත කර දුන් පසු පරික්ෂා කිරිමේ දි එය තිල තිබි අයිස් මත්ද්‍රව්‍ය මිළිග්‍රෑම් 1100ක් හමුව තිබේ. මෙම පුද්ගලයා උඩවලව ශ්‍රී ලංකා විදුලි  හා යාන්ත්‍රික ඉංජිනේරු බලකයේ  සේවයේ කරන අතර ස්ථිර මිද්දේණියේ තලාව ප්‍රදේශයේ පදිංචීය අයෙකු බව විමර්ශන කාණ්ඩායම තහවුරු කරගෙන තිබේ.

ඇඹිලිපිටිය ප්‍රදේශය භාර  පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාගේ නියෝග පරිදි සහකාර පොලිස් අධිකාරි ලසන්ත දඩල්ලගේ මහතාගේ උපදෙස් ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඊ.ඩබ්. පුෂ්ප කුමාර මහතා ඇතුළු නිළධාරි කාණ්ඩායමක්  වැටලිම සිදු කර තිබේ. අත්අඩංගුවට ගත් මත්ද්‍රවය සහ පුද්ගලයා අධිකරන කටයුතු සිදු කිරිම සදහා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය  විසින් ඇඹිලිපිටිය මුලාස්ථාන පොලිසිය වෙත භාර දුන් බව පවසයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න