මොකක්ද මේ කොළඹ තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය (CSRP) කවුද මේ උපාලි මල්ලිකාරච්චි ඇතුළු පිරිස… CSRP එකේ වත්මන් ව්‍යාපෘති අධ්‍යක්ශක වරයා තමා උපාලි මල්ලිකාරච්චි ..ඔවුන් තමා කැළණිවැලී දුම්රිය මාර්ගය කොළඹ කොටුව සිට මාලපලල්ල දක්වා නවීකරණය කිරීමට අදාල අධ්‍යයන කලේ.එහි ප්‍රථිපලයක් විදිහට තමා KV line එකේ නුගේ ගොඩ පැත්තේ මිනිස්සු ඉවත් කරලා පහුගිය මාසේ බිමල් ඇමති තුමා අතින් ඔවුන්ට ලක්ශ 180ක් විතර වටින නිවාස ප්‍රධානය කලේ..කිසිම පාරේ පදිංචි කරුවෙක් මරාගෙන මැරෙන්න ගියේ නෑ අරගල කලේ නෑ ..ඉතින් කැළණි වැලිය අවිස්සාවේල්ලේ න් ඔබ්බට එන්න පාර එලි කරන්නෙත් ඔවුන් තමා ..ඔවුන් මාගේ මූලිකත්වයෙන් ඉස්සෙල්ලම රත්නපුරේ ආවේ 2020 අගෝස්තු බලංගොඩට අකිල එල්ලාවල මන්ත්‍රි තුමා සමග සාකච්චාවකට චම්පික මහත්මයා ඉන්දික මහත්මයා සහ මම තමා අපේ පැත්තෙන් වාඩි උනේ..ඉතින් ඒ පිරිසම තමා මේ අද ආයෙත් එන්නේ..ඒකට හේතුව මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අදාල පාරිසරික ඇගයීම් සමාජ ආර්තික බලපෑම් ඇගයීම් කරන්නේ එයාලා..හෙට දවසේ සමහර විට රත්නපුරේ දක්වා දිගුවේ ව්‍යාපෘති අධ්‍යක්ශක වෙනවා ඇත්තෙත් උපාලි මල්ලිකාරච්චි මහත්මයා.රජය එවැනි තීරණයකට එනවා නම් හොඳයි..මට එතුමා සමග ඇති පුද්ගලික හිතවත් කම තමා එතුමා මගේ විශ්ව විද්‍යාල සගයා..අපි අවුරුදු 6ක් මේ ව්‍යාපෘතිය මෙතනට අරන් ආවේ කැපකිරීම් කරලා චම්පික සර් මම සහ වෙනත් අයට තිබූ පුද්ගලික ශක්තීන් භාවිතා කරලා..ඉතින් ඔය ඇවිත් පාර දිගේ යන්නේ විනෝද ගමනක් නෙවේ.. දුම්රිය මාර්ගය හදන එක පාරක් කොන්ක්‍රීට් කරනවා වගේ නෙවෙයි.. විශාල අධ්‍යයනයක් කරලා පාරේ ඉන්න අය නැවත පදිංචි කරලා කරන්න ඕන භාරදූර කාර්‍යයක්..ඒකට කාලයක් ගතවෙනවා

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න