තුවාලය වේලි සාක්ෂි නැති වීමටට පෙර තරුණියව වෛද්‍ය මණ්ඩලයකට කඩිනමින් ඉදිරිපත් කර වාර්තාවක් ලබාගන්නා ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා 07 වෙනි දින මීගමුව සහකාර පොලිස් අධිකාරි 1 R.M.G.D.රත්නායක මහතාට නියම කළේය.
මීගමුව රෝහලේදී වෛද්‍යවරයෙකු වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී තරුණියකුට එම රෝහලේ වෛද්‍යවරයෙකු ලිංගික හිංසනයක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී මෙලෙස නියම කරන ලදී
,සහකාර පොලිස් අධිකාරිවරයා මෙම අවස්ථාවේදී අදාළ වෛද්‍යවරයා මේවන විට මීගමුව රෝහලට වාර්තා නොකරන බවද මාරවිල පදිංචි ලිපිනයෙන් ඉවත්ව ගොස් ඇති බැවින්ද වෛද්‍යවරයාව විදේශ තහනමකට ලක් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍යවරයාගේ විදේශ ගමන් තහනම ආගමන විගමන පාලකට දැනුම් දෙන ලෙස දැන්වන ලෙස නියම කරන ලදී.