මෙවර පළාත් පාලන මැතිවරණයටය සඳහා බෙන්තතොට ප්‍රාදේශීය සභා වට  ඉදිරිපත් වී සිටින ස්වාධීන අංක 2 කණ්ඩායමට ජාතික ජන බලවේගයේ කණ්ඩායමෙන් නොයෙකුත් තර්ජන හා බලපෑම් එල්ලවන බවට කොස්ගොඩ පොලිසියට පැමිණිලි කර තිබේ.

කණ්ඩායමේ නායකත්වය දරණ බෙන්තොට ප්රාි දේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන ගයාන් සිරිමාන්න මහතා ඉකුත් 28 දින සහ එම කණ්ඩායමේ අපේක්ෂිකාවක් වන රෝහිණී වීරසිංහ මහත්මිය 29 වැනි දින මෙසේ පැමිණිලි කර ඇත.

මේ පිළිබඳව මාධ්යයයට අදහස් දැක් වූ ගයාන් සිරිමාන්න මහතා මෙසේ ද කීය.

ජාතික ජන බලවේගයේ කණ්ඩායම විසින් විවිධ උත්සහයන් ගන්නවා අපේ මැතිවරණ කටයුතු නතර කරන්න.අපේ ප්රතධාන කාර්යාලයට විවිධ බොරු  චෝදනා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට දැනුම් දීල වහන්න කටයුතු කළා. 29 වැනිදා ඉඳුරුව කයිකාවල කොට්ඨාසයෙන් තරග කරන අපේ කණ්ඩායමේ රේණුකා වීරසිංහ මහත්මිය ගෙන් ගෙට යමින් මැතිවරණ කටයුතු කරද්දී අපහාස වන විදියට තර්ජනාත්මකව බිය වද්දා තිබෙනවා.

ජනාධිපතිතුමා කොතරම් කයිවාරු ගැව්වත් මෙවර බෙන්තොට ප්රාදදේශීය සභාව සඳහා තරග වදින ජාතික ජන බලවේග කණ්ඩායමේ විසි හතර දෙනා තුළ හොර වංචාවක් කරල රාජ්යජ සේවයෙන් ඉවත් කරපු අයෙක්ද, හොර වැලි ජාවාරම් කරල පොලිසියේ පැමිණිලි ගොඩක් තිබෙන අයෙක් සහ හොරෙන් ලී කපල  කොස්ගොඩ සහ ඇල්පිටිය පොලිසිවල පැමිණිලි තිබෙන උසාවිවල නඩු තිබෙන අයත් ඉදිරිපත් කරනවා. මේ වගේ දූෂිත පිරිසක් ඒ පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ.

යාලෙගම මැතිවරණ කාර්යාලය වසා දමන්න නොයෙකුත් බොරු චොදනා එල්ල කරනවා. මේ ප්රනචණ්ඩත්වය වහාම නතර කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද කීය.

මෙහිදී අපේක්ෂිකා රේණුකා වීරසිංහ මහත්මිය ද අදහස් දැක් වූවාය. මේ පිළිබඳව කොස්ගොඩ පොලිසියෙන් විමසූ විට ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු පවත්වා ගෙන යන බව කීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න