මෙරට ප්රසමිතියට අනුකූල නොවන කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළ බව  කියන සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්ය් මහින්දානන්ද අලුත්ගමගේ මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රිධාන මහේස්ත්රාමත් තනූජා ලක්මාලි මහත්මිය (19) නියෝග කළාය.

සිද්ධියට අදාල නඩුව ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

හිටපු කෘෂිකර්ම අමාත්යෙවරයා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් ඉකුත් 15 වරෙන්තුවක් නිකුත් කර තිබුණි.

එසේ වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු අමාත්යයවරයා නීතිඥවරයෙකු මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිද්ධියට අදාල නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහකාර අධ්ය ක්ෂක නීති අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය මෙසේ පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න