රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා ස්වර්ණාභරණ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන තොගයක් නීති විරෝධී ලෙස රටට රැගෙන විත් තීරු බදු නො ගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවක් 05/01 දින දහවල් ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය මත්තේගොඩ ප්රදේශයේ පදිංච් 63 හැවිරිදි ව්යාපාරික කාන්තාවකි.
ඇය 05/01 දින උදෑසන 07.30 ට ඩුබායි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ රන් මාළ 23 ක් රන් කැබැල්ලක් අත් පළදනා 03 ක් , කරාබු ජෝඩු සහ කර මාළ ලැප්ටොප් පරිගණක 06 ක් සහ ජංගම දුරකථන 11 ක් සගවා ගෙන තිබියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය පිළිබද කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත කොට්ඨාශ බුද්ධි අංශයෙන් ලැබී තිබූ තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මේ වනවිට මෙම ව්යාපාරික කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණඩ තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති , ප්රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ විසින් සිදු කරමින් තිබේ.