සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සිය ඒකකයේ කාර්ය මණ්ඩලය අමතමින් පවසයි.
බෝ නොවන රෝග ඒකකය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරන වැඩසටහන් වඩාත් එලදායී කිරීමේ නව මං සොයන්නැයි විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය එම ඒකකයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලාංකේය ජනතාව බෝ නොවන රෝග වලින් ආරක්ෂා කර ගනිමින් ආර්ථික පුනරුදයට අඛණ්ඩ සහාය දැක්වීමේ බැරෑරුම් වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය වෙත භාර වී තිබේ. එම වගකීම ඉටු කිරීමට ජනතාව වෙත සමීපව බෝ නොවන රෝග වලක්වා ගැනීමත් අවශ්‍ය අවස්ථාවල ප්‍රතිකාර ගැනීමත් සම්බන්ධයෙන් දැනුම වඩාත් නිර්මාණශීලි ලෙස ජනතාව අතරට ගෙන යා යුතුය.
එසේම බෝ නොවන රෝග වලක්වාගැනීම සම්බන්ධයෙන් වන වැඩසටහන් වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය (0777006035) සඳහන් කලේ අලුත් අවුරුද්දෙන් පසුව බෝ නොවන රෝග ඒකකයේ නිලධාරීන් සමග පැවැත්වෙන පළමු ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.
එම රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.