06 නිවුස්

ජුනි 30  සිට ඡූලි 05 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් රජය නිවේදනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහතා පැවසීය.
මෙම වර්ෂයේ දී ඩෙංගු රෝගීන් 27932 ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මස ඩෙංගු රෝගීන් 5166 ක් සහ සහ මැයි මස ඩෙංගු රෝගීන් 6034 ක් වශයෙන් බව ද ජුනි මාසයේ අද වන විට ඩෙගු රෝගීන් 4372 ක් වාර්තා වී ඇති බව ද ඒ මහතා පැවසී ය.
ජනවාරි මස සිට ජුනි මස වන විට ඩෙංගු රෝගය නිසා මරණ 16 ක් වාර්තා වී ඇති බව ද පැවසී ය.
ජුනි මස 30 දින සිට ඡූලි මස 05 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර ඇති බව ද පැවැසී ය.
එම සතිය තුළ කොළඹ මහ නගර සභාව ඇතුළු හදුනා ගත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාස සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 111 ක් මුල් කරගෙන සහ වැඩි අවධානම් සහිත ප්‍රදේශ ඉළක්ක කර ගෙන මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බව ද පැවසීය.
ජනවාරි මස සිට ජුනි මස දක්වා මදුරුවන් බෝවිය හැකි යැයි අනුමාන කරන ස්ථාන 179026 නිරීක්ෂණය කර ඇති බව ද ඒ මහතා පැවසීය.
ඒ අතර නේවාසික ස්ථාන 167081 ක්, පාසල් 317 ක්, අනෙකුත් අධ්‍යාපන ආයතන 386 ක්, රජයේ ආයතන 927 ක්, පෞද්ගලික ආයතන 6935 ක්, කර්මාන්ත ශාලා පරිශ්‍ර 231 ක්, ඉදිකිරීම් පරිශ්‍ර 930 ක්, පූජනීය ස්ථාන 657 ක්, පොදු ස්ථාන 320 ක් වන බව ද ඒ මහතා පැවසීය.
ඒ තුළ නේවාසික පරිශ්‍ර තුළ සියයට  23 ක සහ  පාසල් 168 ක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනා ගෙන ඇති බවද පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා අනෙකුත් අධ්‍යාපන ආයතන තුළ සියයට 28 ක මෙන්ම පූජනීය ස්ථාන 657 න් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනා ගෙන ඇති බව ද ඉදිකිරීම් සහ කර්මාන්ත ශාලා පරික්ෂා කළ ප්‍රමාණය තුළ සියයට 50 ක  මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනා ගෙන ඇති බව ද ඒ මහතා පැවසීය.
පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන 46 ක් අනෙකුත් රජයේ පරිශ්‍ර වල සියයට 10.1 ක්, පූජනීය ස්ථානවල සියයට 13 ක් වශයෙන් මදුරු කීටයින් හමුව ඇති බව ද පැවසී ය.
එබැවින් සියළු දෙනා එක්ව මදුරුවන් බෝවන ස්ථාන හැකිතාක් දුරට අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බව ද කසළ බැහැර කිරීම ක්‍රමවත්ව සිදු කළ යුතු බව ද පෙන්වා දෙන ලද අතර මෙම මාධ්‍ය හමුව සහ මදුරු මර්දන සතිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් ඉහත කරුණු පෙන්වා දිය හැකි බව ද ඒ මහතා  පැවසී ය. 
@ 7 නිවුස්
2025.06.26
ඩෙංගු රෝගයට පිළිගත හැකි මට්ටමේ ඖෂධයක් එන්නතක් නොමැති බවත් රෝග වාහක මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර මදුරු ගහනය අවම කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙසේ ද පැවසීය.
මෝසම් වාර්ෂාව සමග ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ වැඩිවීමක් සහ මරණ අවධානමක්  පෙන්නුම් කරන බැවින් ඩෙංගු රෝගය පාලනයට සෑම විටම අවධානය යොමු කළ යුතු බව ද ඒ මහතා පැවසීය.
වසංගත තත්ත්වයන්ට යා හැකි අවධානම ඇති අවස්ථාවල දී විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමට කටයුතු සිදු කෙරෙන බව ද ඒ මහතා පැවසීය. ‌
මදුරු මර්දන සතිය සදහා ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලීසිය  සිවිල් ආරක්ෂක බලකාය, වෙනත් ස්වේච්ඡා සංවිධාන සහ පිරිස් මෙන්ම ජනතාව සහයෝගය ලබාදෙන බව ද පෙන්වා දෙන ලදි. මෙම මදුරු මර්දන සතිය සාර්ථක කර ගැනීමට සියළු දෙනා දායකත්වය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.
ඩෙංගු මදුරු පාලනය තුළ ඩෙංගු රෝගය පමණක් නොව චිකුන්ගුන්යා රෝගය ඇතුළු වාහක රෝග රැසක් පාලනය කර ගත හැකි බවත් පැවසී ය.
@ 8 නිවුස්
2025.06.26
ඩෙංගු මර්ධනය සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසීය ඇතුලු කණ්ඩායම් 1100 ක්‌ යොදවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ  ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසුවාය.
ඇය මේ සම්බන්යෙන් මෙසේ ද කීවා ය.
මදුරු මර්දන වැඩසටහන කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වන බවත් කොළඹ, රත්නපුර, ත්‍රීකුණාමලය, මාතලේ, බදුල්ල, මොණරාගල, ගාල්ල, කල්මුණේයි, කළුතර ප්‍රදේශවල මෙම මස 30 සිට ලබන මස 02 දින දක්වාත්, නුවර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, කොළඹ මහනගර සභාව, යාපනය, මඩකළපුව සහ මාතර යන දිස්ත්‍රික්ක වල දෙවැනි අදියර ලෙසත් ක්‍රියාත්මක වන බව ද පැවසුවා ය.
@9 නිවුස්
පසුගිය වසරේ මෙරටින් රෝගීන් 27 ක් හදුනාගත් බවත් වි‌දේශයන්ගෙන් පැමිණෙන රෝගීන් මගින් වාහක මදුරුවන් හරහා රෝගය පැතිර යා හැකි බව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පැවසීය.
බරවා රෝගය මදුරුවන් හරහා බෝවන රෝගී තත්ත්වයක් වුවත් එහි දි හදිසි මරණ සිදු නොවන බවත් නිසි ප්‍රතිකාර ලබා නො ගැනීම තුළ රෝගී සංකූලතා හේතුවෙන් අතපය කකුල් ඉදිමීම් සමග මැරි මැරි ජීවත්වීම සඳහා කාල සීමාවක් උදා වන බව ද ඔහු පැවසී ය.
බරවා රෝගී තත්ත්වය ඉතා හොඳ තත්ත්වයකට පාලනය වීමක් සිදුව ඇති බවත් මෙම රෝගය මහජන සෞඛ්‍යයට ගැටළුවක් නොවන රටක් හැටියට සහතිකයක් ලබා ඇති බවත්, නමුත් මේ වන විටත් රෝගීන් වාර්තාවීම් යම් යම් ස්ථාන වලින් සිදු වන බව ද ඒ මහතා කීය.
පසුගිය වසරේ මෙරටින් රෝගීන් 27 ක් හදුනාගත් බවත් වි‌දේශයන්ගෙන් පැමිණෙන රෝගීන් මගින් වාහක මදුරුවන් හරහා රෝගය පැතිර යා හැකි බව ද ඔහු පැවසීය.
රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව ද පැවසීය.
රෝගීන් හදුනා ගැනීම සඳහා රාත්‍රී කාලයේ දී සිදු කරනු ලබන රුධිර පටල පරීක්ෂාව සදහා සියළු ජනතාවගේ සහයෝගය ලබා දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේ ය.
බරවා රෝගය ප්‍රතිකාර ලබාගෙන සුව කර ගත හැකි රෝගී තත්ත්වයක් වන බවත් අවට පරිසරය පිරිසිදුව තබා ගැනිම ජල මුලාශ්‍ර පිරිසිදුව තබා ගැනිම තුළින් වාහක මදුරුවන් පාලනය කළ හැකි බව ද පැවසීය.
@10 නිවුස්
2025.06.26
මැලේරියාව රෝගිය යළිත් ඇති වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවාය.
මැලේරියාව ශ්‍රී ලංකාවෙන් තුරන් කළ වාහක රෝගයක් බවත් නමුත් නැවත රෝගය රට තුළට ඇතුල්වීමේ විශාල අවධානමක් ඇති බවත් අප්‍රිකානු සහ ඉන්දියාව වැනි මැලේරියා බහුල රටවල සංචාරය කරන ජනතාව මාර්ගයෙන් එය සිදුවන බව ද පැවසුවා ය.
වසරකට මැලේරියාව වැළැදී මෙරටට පැමිණී රෝගීන් 50 ක් පමණ හදුනාගන්නා බවත් ගිය වසරේ රෝගීන් 38 ක් වාර්තා වූ බව ද ඉන් සියයට 99 ක්ම රැකියා සඳහා විදෙස්ගත වූ පුරුෂයින් බව ද පැවැසුවා ය.  මෙම රෝගීන්ගෙන් සියයට 75 ක් ම ශ්‍රී ලාංකිකයින් බව ද මෙම වසරේ රෝගීන් 15 ක් හදුනා ගත් බව ද ඇය කීවා ය.
උතුරු පළාතෙන් වාර්තා වූ රෝගීන් කිහිප දෙනෙකුම නීත්‍යානුකූල නොවන ආකාරයෙන් එම රටවල්වලට ගොස් පැමිණි පුද්ගලයින් බවත් රටින් පිට වූ පසු රෝගය වැළදීම වළක්වා ගැනීමට ප්‍රතිකාර වන බවත් එම වළක්වා ගැනීමේ ප්‍රතිකාර රටින් පිටවීමට පෙර මැලෙරියා මර්දන මූලස්ථානයෙන් සහ රටපුරා විසිරී පවතින ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකක මගින් නොමිලේ ලබාගත හැකි බව ද එතුමිය වැඩිදුරටත් පැවසුවා ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න