මුල් පිටුව පුවත් දීර්ඝ වේලාවක් වාඩිවී සිටීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව නවතම සමීක්ෂණයකින් පෙන්වා දී... පුවත් දීර්ඝ වේලාවක් වාඩිවී සිටීම ශරීර සෞඛ්‍යයට අහිතකර බව නවතම සමීක්ෂණයකින් පෙන්වා දී තිබෙනවා. එමගින් පෙන්වා දී ඇත්තේ දිනකට පැය දහයක් හෝ ඊට වැඩි කාලයක් වාඩි වී සිටීම හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහල නංවන බවයි. මෙම පැය ප්‍රමාණය රාජකාරි කටයුතු වලදී පමණක් නොව අනෙකුත් කටයුතු කිරීමේදීත් බලපාන බවයි ඔවුන් පවසන්නේ. පුද්ගලයින් අනූ දහසක් යොදාගෙන වසර ගණනාවක් තිස්සේ සිදු කළ පරීක්ෂණවලින් මේ බව හෙළිවී තිබෙනවා. ඒ අනුව දිනකට වාඩි වී සිටින පැය ප්‍රමාණය වැඩි වන්නේ නම් ඔවුන්ට හදවත් ආශ්රිත රෝග සහ වෙනත් රෝග වලට ගොදුරු වීමේ අවදානමක් ඇති බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ වාඩිවී සිටින අය ගණනක් පැය දහයයි දශම හයකට වඩා වැඩි නම් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම සියයට 45 ඉහළ යන බවයි. ඔවුන් කියා සිටින්නේ තරම් පැය ප්‍රමාණයක් අසුන්ගෙන සිටීමෙන් පසුව මද වශයෙන් ක්‍රියාශීලී ලෙස කටයුතු කළත් ඉන් පලක් නොවන බවයි. එම නිසා දිනක් තුළ වාඩි වීසිටින පැය ප්‍රමාණය පැය දහයටවඩා අඩු කළ ගත යුතු බවයි පර්යේෂකයින් පවසන්නේ. එය මඟහරවා ගැනීමට නිසි ක්‍රමවේදයකට අනුව ව්‍යායාම කිරීම අවශ්‍යය බවයි එම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. එවැනි පුද්ගලයින් සෑම විනාඩි 30කට වරක්ම අසුන් වලින් නැගිට කෙටි දිගැදුම් ව්‍යායාමයක යෙදීම, හැකි සෑම විටම ඇවිදීම, ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ශරීරය වෙහෙසවන බයිසිකල් පැදීම හෝ ඇවිදීම වැනි ක්‍රමවේද භාවිත කිරීම, රූපවාහිනී, දුරකථන වැනි ඩිජිටල් තිර ඉදිරිපිට ගත කරන කාලය අඩු කිරීම වැනි දෑ සිදුකිරීම කළ යුතු බවයි Journal of the American College of Cardiology නැමති සඟරාවේ පළවූ මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ. විසින් සුමිත් කොඩිතුවක්කු - November 26, 2024 91 0 FacebookTwitterPinterestWhatsApp සම්බන්ධ ලිපිකතුවරයා වැඩි සජත් අනුර අනුර සජිත් ආදර කතාව කොළඹ නගර සභාවේ දී තිරගත වෙයි! කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය!දවල් කොළඹ රෑ කොළඹ ලෙස කොළඹ මහ නගර සභාව එක්කර නගරයේ ජීවත්වන ජනතාවට දවසේ නිවුස් මල්ල වෙරළ තීරයන්ට ගොඩගැසූ ප්ලාස්ටික් පෙලට් බලපෑම නාරා ආයතනයෙන් පුළුල් අධ්‍යයනයක්! පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා... ප්‍රතිචාරයක් දක්වන්න පිළිතුර අවලංගු කරන්න කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න. කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න ඔබ විසින් වැරදි විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇතුල් කර ඇත! කරුණාකර ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න ඊළඟ වතාවේ මම අදහස් දැක්වීමේ දී මෙම වෙබ් බ්‍රවුසරයේ මගේ නම, විද්‍යුත් තැපෑල සහ වෙබ් අඩවිය සුරකින්න.