(01) ජාතික හැඳුනුම්පත් අලුත් කිරීමේදී ග්‍රාමනිලධාරිවරයා විසින් ඒ වෙනුවට එම පුද්ගලයාට ලබාදෙන ලිපිය සමූපකාර සභිකයන් තෝරාගැනීම සඳහා පැවති ජන්දයේදි එම ජන්ද නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නිසා බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්වූ බව එම ජන්ද දායකයෝ පවසති.

ඇල්පිටිය විවිධසේවා සමූපකාර සංගමයේ මහා සභාවට නියෝජිතයන් තෝරාගැනීම සඳහා ජන්ද විමසීම (29) දවසපුරා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී පැවැත්විණි.

මෙම ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණි සමහර ජන්දදායකයන් තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර තිබුණේ ජාතික හැඳුනුම්පත් වෙනුවට ග්‍රාම නිලධාරිවරයා නිකුත්කළ සහතිකයකි. නමුත් ජන්ද නිලධාරීන් එම ලිඛිත සහතිකය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය වලංගු නොවන බව පවසමිනි.

මේ නිසා මෙම ජන්දදායකයන් බොහෝ දෙනෙකුට ජන්දය දීමට නොහැකිවී ඇති අතර ඔවුන් පවසන්නේ මේ පිළිබඳව ග්‍රාමනිලධාරීන් මෙතෙක් තමන්ව දැනුවත් කර නොමැති බවයි.

එසේම කිසියම් අයෙකු සිය ජාතික හැඳුනුම්පත් අලුත් කිරීම සඳහා භාරදීමෙන් පසු අලුත් හැඳුනුම්පත ලැබීමට සෑහෙන කාලයක් ගතවන නිසා එතෙක් ඒ වෙනුවට පිළිගතහැකි ලිඛිත දෙයක් නිකුත්කිරීමට ග්‍රාමනිලධාරීන් කටයුතු නොකරන බවද ජනතාව පවසති.


(02) ඇල්පිටිය විවිධසේවා සමූපකාර සංගමයට සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා පැවැති චන්දයේදී එක් ජන්දදායකයෙකු විසින් “තොපි ඔක්කොම හොරු” යනුවෙන් ජන්ද පත්‍රිකාවේ ලියා එය ජන්ද පෙට්ටියට දමා තිබූ බව වාර්තාවේ.

ඇල්පිටිය සමූපකාර ප්‍රාදේශිකයට සභිකයන් තෝරාගැනීම සඳහා ජන්දදායකයන් 407 දෙනෙකු ජන්දය ප්‍රකාශ කර තිබූ අතර ඉන් 17 අවලංගු වී තිබේ.

ඉන් 16 ක්ම අවලංගුවී ඇත්තේ සභිකයන් 09 දෙනෙකුට කැමැත්ත ප්‍රකාශ කිරීම වෙනුවට ඒ අය 10 දෙනෙකුගේ අංකවලට කතිරය ගසා තිබීම නිසාය. අනෙක් ජන්දය අවලංගු වී ඇත්තේ එහි “තොපි ඔක්කොම හොරු” යනුවෙන් ලියා තිබීම නිසාය. මේ නිසා සභිකයන්ට ලැබී ඇත්ට්ගේ ජන්ද 390 කි.


(03) ඩයගම ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි 21 හැවිරිදි තරුණියගේ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ තිබී (01) දින හමුවු බව තලවකැලේ පොලිසිය පැවසීය.

මෙසේ ඉහළ කොත්මලේ ජලාශයේ තිබී හමුවී ඇත්තේ ඩයගම පොලිස් වසමට අයත් ආගරපතන පෝඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි කාලිමුත්තු මගාලෙච්චුමී නැමැති තරුණියගේ සිරුරයි.

එම තරුණිය දින 3ක් සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමව්පියන් විසින් ඩයගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඉහළ කොත්මලේ ජලාශය හාරහා ඉදි කර ඇති දුම්රිය පාලමට ආසන්නයේ නාදුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත පාවෙමින් තිබූ මළසිරුර ගොඩගැනීමෙන් පසු ඥාතීන් විසින් සිරුර හදුනාගෙන ඇත.

ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තරුණිය නිවසින් අතුරුදහන් වී ඇති බවට එම තරුණියගේ ඥාතෟන් විසින් ඩයගම පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇත.

ජලාශයේ තිබී ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යපවරයා වෙත යොමු කර ඇත. සිරුර සම්බන්ධයෙන් ඩයගම පොලිසිය විමර්ෂණ සිදු කරයි.


(04) ගාල්ල මහනගර සභාව විසින් හිටපු නාගරික මන්ත්‍රිවරුන් සඳහා ලබා දී තිබූ රුපියල් දහතුන් ලක්ෂ අනුදහස් අටසිය අනුඑකක් (1,390,891) වටිනා ලැප්ටොප් හා ටැබ් පරිඝණක 20ක් ලබා දී තිබුණද එම උපකරණ නැවත නගර සභාව වෙත භාර දී නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත.

2012 වර්ෂයේ දී මෙම ලැප්ටොප් හා පරිඝණක මිල දී ගෙන තිබුණි. ඒ අනුව රුපියල් නම් ලක්ෂ අනුහතර දහස් නම් සියයක් වටිනා (994,900) ලැප්ටොප් පරිඝණක 11ක් සහ රුපියල් තුන් ලක්ෂ අනුපන් දහස් නම් සිය අනුඑකක් වටිනා (395,991) ටැබ් පරිගණක 09ක් මිල දී ගෙන ඇති බවද මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.

සභාව සතු වත්කම් කළමණාකරණය සිදු කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ සම්බන්ධයෙන් ගාල්ල මහනගර සභාව විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ පළාත් පාලන කොමසාරිස් වෙත ලිපියක් ඉදිරිපත් කොට ඇති බවයි. ගාල්ල මහනගර සභාව සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.


(05) නිවෙස් බිදීම් රැසකට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයෙක් ඊයේ (31 දා) රාත්‍රියේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී වැලිමඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

වැලිමඩ නගරයේ සැරිසැරූ සැකකටයුතු පුද්ගලයෙක් පරික්ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවක නියනක් තිබී හමුව ඇති අතර ඒ හේතුවෙන් මොහුව වැඩිදුර පරික්ෂා කිරීමේදී කලිසම් සාක්කුවක තිබී රන් ආභරණ කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

ඉන් පසු මෙම සැකකරු අත් අඩංගුවට ගෙන සිදු කළ වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ දියතලාව ප්‍රදේශයේ නිවසකින් මෙම රන් ආභරණ සොරා ගත් බවයි. තවද මෙම සැකකරු විසින් බදුල්ල හා වැලිමඩ ප්‍රදේශයේ නිවාස 05ක සිදු කළ සොරකම් සම්බන්ධයෙන්ද පොලිසියට පාපොච්ඡාරණය කර තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩගම ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවත් අයෙක්ද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොවුන් වයස අවුරුදු 41 සහ 30 වයසේ පසුවන අය වන අතර මොවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මොවුන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව සිටින්නට ඇති බවට සැක කරන අතර වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පො:සැ, 33695 රවීන්ද්‍ර, පො:කො: 79080 ලක්මාල් යන නිළධාරින් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර සැකකරුවන් වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


(06) තිස්සමහාරාම ප්‍රදේශයේ නිෂ්පාදනය කරනු ලබන මදන මෝදක කිලෝහයකට අධික ප්‍රමාණයක් ගලේවෙල ප්‍රදේශයේ පාසලක් අසල වෙළඳසැලක තිබී සොයාගත් බව පොලිසිය කියයි.

සිසු දරුදැරියන්ගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම ස්ථානය පරික්ෂාවට ලක් කළ බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා පැවසීය.

මෙම ආයුර්වේද ඔසු අලවි කරනු ලබන වෙළඳසල තුළ අලවිකිරීමට සුදානම් කර තිබූ මදන මෝදක ගුලි කිලෝහයකට අධික ප්‍රමාණයක් සැකකරුවෙක් සමග සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

පාසල් ආශ්‍රිතව මේවා අලවිකිරීම පිළිබඳව බලපත්‍ර ලබා දෙන ආයතනය වහා දැනුවත් විය යුතු බවද පොලිසිය සඳහන් කළේය.

මෙම නිෂ්පාදනවල අඩංගු වී ඇත්තේ මොනවාද යන්න සඳහන් නොකෙරීම කල් ඉකුත්ව ඇති බලපත්‍ර පෙන්වා මේවා තොගගානට වෙනත් ස්ථානවලට අලවිකරන බව පොලිසිය කියයි.

සැකකරු සහ මදන මෝදක 01 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


(07) කාත්තන්කුඩි පොලිස් වසමට අයත් නූරානිය ප්‍රදේශයේ පොලිසිය සිදු කළ හදිසි සෝදිසියකදී අයිස් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 420ක් සමඟ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි. රත්නායක මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලිරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ආර්.එම්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිසිය සිදු කළ වැටලීමකදී නූරානිය සුසාන භූමිය පාරේ අයිස් අලෙවි කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් වෙළෙන්දාගෙන් අයිස් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 420ක්, රුපියල් 10,700 ක මුදලක්, බැංකු කාඩ්පත් 5 ක්, මත්ද්‍රව්‍ය වර්ග කිරීමේ යන්ත්‍රයක් සහ අත්බෑගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


(08) ගෝනගංආර පොලිස් වසමට අයත් රජ මාවත 15 කණුව ප්‍රදේශයේ පදිංචි නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි දැරියක් නිවසෙන් අතුරුදහන්වී ඇතැයි ඇයගේ පියා විසින් ගෝනගංආර පොලිසියට මාර්තු 31 පැමිණිල්ලක් කර ඇත.

මෙම දැරිය බඩල්කුඹුර ප්‍රදේශයේ තරුණයෙකු සමඟ මාස දෙකක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු ඇයව කැඳවාගෙන යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

එම තරුණයා සහ දැරිය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ගෝනගංආර පොලිසිය පරීක්ෂණ පවත්වයි.


(09) පුද්ගලයෙකුගේ නමින් පෞද්ගලික බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් පනස්නව ලක්ෂ තිස්හතරදහස් නවසිය හැත්තැවක මුදලක් වංචා කිරීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකු තවදුරටත් මේ මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.

ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි සුභාත් දේශප්‍රිය නමැත්තෙකු මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මීට සම්බන්ධව අත් අඩංගුවට ගත් තවත් පුද්ගලයෙකු මීට ඉහත ඇප මත මුදා හැර තිබේ.

මේ වංචාව සම්බන්ධව කඩවත, පහළ කරගභමුණ ප්‍රදේශයේ පදිංචි සුරංග තිලකරත්න යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කර එම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණේය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක අභිෂේක ද සිල්වා මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කෙළේය.

මේ වංචනික ක්‍රියාව කාලයක සිටම තවත් පුද්ගලයින් ද හවුල් කර ගෙන සංවිධානාත්මකව සිදු කර ගෙන යන බවට අනාවරණය වී තිබෙනවා.

මොවුන් අන් අයගේ බැංකු ගිණුම් වලින් ද මේ ආකාරයට වංචනිකව මුදල් ලබා ගෙන තිබෙනවද යන්න ගැනත් දැන් විමර්ශනය කර ගෙන යනවා.

මොවුන් ව්‍යාජ හැදුනුම්පත් සකසා මේ වංචනික ක්‍රියාව සිදු කරනවා.

තවම විමර්ශන කටයුතු අවසන් නැහැ ඒ නිසා මොහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටිනවා.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරිය විසින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක අභිෂේක ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.


(10) බලපිටිය ප්‍රාදේශීය සභාවට මෙවර පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂක හර්ෂ ප්‍රියංග මහතාගේ කන්දගොඩ බෝගහවත්ත පිහිටි පක්ෂ කාර්යාලය පෙරේදා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කඩා බිඳ දමා ඇති බව හර්ෂ ප්‍රියංග මහතා පැවසීය.

ඒ අනුව ඒ පිළිබඳව ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කළ බව ඒ මහතා වැඩිදුරටත් කීය.


(11) තලාතුඔය පොලිස් වසමට අයත් ගුරුදෙණිය උඩතැන්න ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරන බවට 119 දුරකතනයට ලද තොරතුරක් මත තලාතුඔය පොලිසිය මගින් කරන ලද වැටලීමකදී එකී භූමියේ කැණීම් කරමින් සිටි තිදෙනෙකු හා කැණීම් කිරීමට උපයෝගී කරගන්නා භාණඩ හා මෝටර් රථයක් සමග යතුරුපැදි දෙකක් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගනු ලැබූ භාණ්ඩ අතර උදළු, සවල්, ගල් කැඩීමට යොදා ගන්නා මැෂින් දෙකක්, වතුර මෝටරයක්, ඩෙටනේටර් 16 ක් ඇමෝනියා ග්‍රෑම් 605ක් වෙඩිබෙහෙත් ග්‍රෑම් 230 ක් යතුරු පැදි දෙකක් හා මෝටර් රථයක් ද වේ.

අත් අඩංගුවට ගත් පුද්ගලයින් අතර කාන්තාවක් ද වේ. ඇය ජාඇළ උතුර ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක් වන අතර දැනට ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටී.

අනෙකුත් පුද්ගලයින් දෙදෙනා තෝරයාය බෝගමුව හා කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අත් අඩංගුවට පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත අප්පුහාමි මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.


(12) මීගහකිවුල කැටවත්ත ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිවසක් පිටුපස ලදු කැලෑවක නිතීවිරෝධි මත්ද්‍රව්‍යක් වන කසිප්පු පෙරීමට සුදානම් කර තිබු ගොඩා බැරැල් 1ක් ගොඩා මිලි ලීටර් 186000ක් සමග පුද්ගලයෙකු ඉකුත් 30 වැනිදා අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

කන්දකැටිය පොලිස් බුද්ධිඅංශ නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ කසිප්පු පෙරීමට ගොඩා දැමු බැරලයට ගින්දර දැමිමට සුදානම් කර තිබු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැටවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු කාලක් තිස්සේ කසිපුප් ජාවාරමේ නිරත වු පුද්ගලයෙක් බවට මුලික විමර්ශණ වලදි අණාවර්ණය වු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද (02) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

බදුල්ල දිසාව භාර නියොජ්‍ය පොලිස්පත් සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 1 ටි.එම්.ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක හර්ෂ දිපාල් ජයතුංග මහතාගේ මෙහෙය විමෙන් පො.සැ 60098 රත්නායක, පො.කො 77477 ජානක, පො.කො 86951 දිසානායක, පො.කො 95771 කිත්සිරි යන නිළධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.


(13) වරාපිටිය හා වෙහෙරගල කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිවරයා, ගොවි සංවිධානයේ හිටපු භාණ්ඩාගාරික, හා සභාපතිවරයා එක්ව 2022, 2023 මහ කන්නයේ ගොවීන්ට ලබාදීමට නියමිතව තිබූ පොහොර මිටි පනහක් වංචා කිරීමේ සිද්ධිය පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා දිඹුලාගල කජුවත්ත අරුණළු ගොවි සංවිධානයේ සභාපතිවරයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට 01 වෙනිදා ලිඛිතව පැමිණිල්ලක් සිදුකර තිබේ.

දිඹුලාගල කජුවත්ත අරුණළු ගොවි සංවිධානයේ සභාපති කේ.ජී. කුෂාන් උමයංග මහතා විසින් මෙම ලිපිය යොමු කොට ඇති අතර තමන් මේ පිළිබඳ ප්‍රදේශයේ ගොවිජන සේවා බලධාරින් දැනුවත් කළද ඊට කිසිදු විසඳුමක් නොමැති බවත්, අදාළ නිලධාරීන්ගේ වංචාව වසන් කිරීමට උත්සාහ දරන බවද කුෂාන් උමයංග මහතා සඳහන් කළේය.

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළට අනුව ගොවියකුට, රුපියල් දහදාහකට යූරියා පොහොර මිටි හතරක් ලබා දුන් අතර, ඉන් ගොවියකුට පොහොර මිටියක් පමණක් නිකුත් කර,පොහොර ම්ටි හතරම ලබාදුන් බවට ව්‍යාජ ලේඛන සකසා වංචා සහගතව ඉතිරි කරගත් පොහොර මිටි පනහක පමණ ප්‍රමාණයක් රුපියල් 25,000 ත් 30,000 අතර මිලකට අදාළ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා සහ ගොවි සංවිධානයේ හිටපු භාණ්ඩාගාරික සහ සභාපතිවරයා විසින් විකුණා ඇති බව අරුණළු ගොවි සංවිධානයේ සභාපති කේ. ජී.කුෂාන් උමයංග මහතා චෝදනා කරයි.

මෙම යුරියා පොහොර වංචාවේ සියලු සාක්ෂි සහ හඬපට තමා සතුව තිබෙන බවත්, මේ පිළිබඳව පොළොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරයාට මෙන්ම අරලගංවිල ගොවිජන සේවා ප්‍රාදේශීය කළමනාකාරතුමිය ලිඛිතව දැනුවත් කළ බවද මහතා කීවේය.

අරුණු ගොවි සංවිධානයේ සභාපති කේ.ජී.කුෂාන් උමයංග මහතා නගන චෝදනාව සම්බන්ධයෙන් අප එම ගොවි සංවිධානයේ හිටපු භාණ්ඩාගාරික නුවන් අලගේවත්ත මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ තමා ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බවයි.

අනතුරුව මෙම චෝදනාව එල්ල වන වෙහෙරගල, වරාපිටිය වසම්භාර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි,බි.එම්. ඒ.පී. බණ්ඩාරනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදි දී ඒ මහතා මෙලෙස කීවේය.

” රුපියල් දහදාහට පොහොර දෙන කාලේ ගොවියන්ට එකවරම සල්ලි දීමට නොහැකි වුණා. නිර්දේශ වුණ පොහොර ගෙනාවේ වට කිහිපයකදී, අපි පොහොර දුන්නේ ගොවි සංවිධාන හරහා, එයාල තමයි බෙදුවේ, අපි අධීක්ෂණය කරාට හැම වෙලාවේම යන්න බැරි වුණා. මේ පිළිබඳව අපේ ඩීයෝ මිස් පරීක්ෂණයක් කරනවා,


(14) කන්දකැටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මහියංගන බදුල්ල මාර්ගයේ කන්දකැටිය හැවැන්දාන ප්‍රදේශයේදි ස්කූටිවර්ගයේ යතුරු පැදියකින් කසිප්පු ප්‍රවාහණය කළා යැයි සැකපිට මාර්ගයේ ගමන්කල යතුරු පැදියක් නැවත්වීමට යාමේදි එම රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් වරයෙකු ඉකුත් 30 වැනිදා යතුරුපැදියෙන් හප්පා තුවාල සිදුකර පාලාගිය කාන්තාවන් දෙදෙනෙකු සමග යතුරු පැදිය පෙරේදා (31) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

අදාල කාන්තාවන් දෙදෙනා ස්කුටිවර්ගයේ යතුරු පැදියකින් කසිප්පු ප්‍රවාහණය කරන බවට කන්දකැටිය පොලිසියට ඉකුත් 30 වැනිදා ලැබුණ තොරතුරකට අනුව හැවැන්දාන ප්‍රදේශයේදි ස්නික මාර්ග බාදකයක් යොදා මෙම යතුරු පැදිය නවත්වන්නට ගිය අවස්ථාවේදි මෙම කාන්තාවන් දෙදෙනා පොලිස් නිළධාරියෙකු හප්පා ගොස් ඇති අතර තුවාල ලැබු පොලිස් කොස්තාපල් වරයා කන්දකැටිය ප්‍රදේශිය රෝහලේ නෙවාසිකව ප්‍රථිකාර ලබන අතර ඔහුගේ පාදයකට බරපතල තුවාල සිදුවි ඇතැයි පොලිසිය සදහන් කරයි.

මෙම අනතුර සිදුකර පලාගිය කාන්තාවන් දෙදෙනා සහෝදරියන් දෙදෙනෙකු වන බවත් ඔවුන් අනතුර සිදුකර කන්දකැටිය ප්‍රදේශයෙව් ඥාති නිවසක සැගවි සිටියදි (31) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 42 සහ 30 යන වයස් කාණ්ඩ වල පසුවන අතර ඔවුන් කන්දකැටිය 21 ප්‍රදේශයේ හා බදුලුඔය ප්‍රදේශයේ පදිංචි කාරියන් වන බවත් එක් කාන්තාවක් කසිප්පු ජාවාරම සිදිකරන බවත් අනෙක් කාන්තාව ඇයගේ නැගනිය බවත් මුලික විමර්ශණ වලදි අණාවර්ණ්‍ය වු බව පොලිසිය කියයි.

අනතුර සිදුකර සැගවි සිටිමට නවාතැන් පහසුකම් ලබාදුන් අය සහ පොලිස් නිළධාරීන්ගේ අනනොකතා පොලිස් නිළධාරියෙක් අනතුරට ලක්කර පලා යෑම සදහා අනුබල සහ උපදෙස් දුන් පුද්ගලයින් සොයා වැඩිදුර විමර්ශණ සිදුකරණ බව කන්දකැටිය පොලිසිය කියයි.

සැකකාර කන්තාවන් දෙදෙනා ඊයේ (01) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

බදුල්ල දිසාව භාර නියොජ්‍ය පොලිස්පත් සුජිත් වෙදමුල්ල, බදුල්ල ජ්‍යෙෂඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 1 ටි.එම්.ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත කන්දකැටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක හර්ෂ දිපාල් ජයතුංග මහතාගේ මෙහෙය විමෙන් පො.සැ 698 රත්නායක, පො.කො 66314 කළණ, පො.කො 86951 දිසානායක, පො.කො 95771 කිත්සිරි ක.පො.කො 9061 නිලුකා යන නිළධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.


(15) පිටිගල පොලිස් වසමේ හිඹුටුගොඩ ප්‍රදේශයේදී පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත (31 වන දින) සවස සිදු කළ වැටලීමක් දී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 300 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


(16) අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවට අධිකරණය මගහැර සිටීම සම්බන්ධව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබු පුද්ගලයෙකු වසර දෙකකට පසුව කිරිබත්ගොඩ පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත් අඩංගුවට ගෙන ඇත.

මොහු ප්‍රදේශයෙන් පළා ගොස් සැඟවි ඉඳ නැවත නිවෙස වෙත පැමිණමින් සිටි අවස්ථාවේ මෙසේ හුනුපිටිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනිණි.

මොහු හුනුපිටිය, පරාක්රම මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.ඕ.පී. අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි පොලිස් සැරයන් කුලතුංග මහතා (50253) විසින් අත් අඩංගුවට ගත් මොහු නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90071), කුලසිංහ (10789) හා අලුත්ගේ (100478) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යති.


(17) පහුගිය මැයි (09) අරගලයේදී සෙවනගල ගිනිගත් නිවෙසකට වන්දි ලබාගෙන ඇත්තේ එම නිවස අයිති පුද්ගලයා වෙනුවට රාජපක්ෂ කෙනෙක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණය කරයි.

ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේදී විවිධ ලැයිස්තු බහුතරයක් පසුගිය දින වල හෙළි වූ අතර ඊට ගෙවල් ගිනි තැබීම්, රට සංචාර, බාර් ලයිසන් ගත් ආකාරය, ඉන්ධන හල් ගැනීම් වලට අදාළ මුදල් ගැනීම් පිළිබඳ ලැයිස්තු තිබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම ළඟදි තමාට අලුත් වාර්තාවක් ලැබුණ අතර එය තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව දිසානායක මහතා කීය.

එනම් පහුගිය මැයි මාසෙ (9) වන දා ගැටුම්වලදී සෙවණගල නිවසක් ගිනිගෙන තිබෙන අතර ඊට වන්දි ලබාගෙන තිබෙන්නේ නිවස අයිතිකරු හෝ ඉඩමේ ඔප්පුව අයිති පුද්ගලයා නොව රාජපක්ෂ කෙනෙක් බවත් එකී ලැයිස්තුව කඩිනමින් හෙළි කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේ බුත්තල නගරයේ පැවැති ජනරැලිය අමතමිනි.


(18) ජාතික හැඳුනුම්පත් අලුත් කිරීමේදී ග්‍රාමනිලධාරිවරයා විසින් ඒ වෙනුවට එම පුද්ගලයාට ලබාදෙන ලිපිය සමූපකාර සභිකයන් තෝරාගැනීම සඳහා පැවති ජන්දයේදි එම ජන්ද නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නිසා බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්වූ බව එම ජන්ද දායකයෝ පවසති.

ඇල්පිටිය විවිධසේවා සමූපකාර සංගමයේ මහා සභාවට නියෝජිතයන් තෝරාගැනීම සඳහා ජන්ද විමසීම ඊයේ (29) දවසපුරා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී පැවැත්විණි.

මෙම ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණි සමහර ජන්දදායකයන් තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර තිබුණේ ජාතික හැඳුනුම්පත් වෙනුවට ග්‍රාම නිලධාරිවරයා නිකුත්කළ සහතිකයකි.

නමුත් ජන්ද නිලධාරීන් එම ලිඛිත සහතිකය ප්‍රතික්ෂේප කර ඇත්තේ එය වලංගු නොවන බව පවසමිනි.

මේ නිසා මෙම ජන්දදායකයන් බොහෝ දෙනෙකුට ජන්දය දීමට නොහැකිවී ඇති අතර ඔවුන් පවසන්නේ මේ පිළිබඳව ග්‍රාමනිලධාරීන් මෙතෙක් තමන්ව දැනුවත් කර නොමැති බවය.

එසේම කිසියම් අයෙකු සිය ජාතික හැඳුනුම්පත් අලුත් කිරීම සඳහා භාරදීමෙන් පසු අලුත් හැඳුනුම්පත ලැබීමට සෑහෙන කාලයක් ගතවන නිසා එතෙක් ඒ වෙනුවට පිළිගතහැකි ලිඛිත දෙයක් නිකුත්කිරීමට ග්‍රාමනිලධාරීන් කටයුතු නොකරන බවද ජනතාව පවසති.


(19) ඇල්පිටිය විවිධසේවා සමූපකාර සංගමයට සභිකයන් තෝරාපත්කර ගැනීම සඳහා පැවැති චන්දයේදී එක් ජන්දදායකයෙකු විසින් “තොපි ඔක්කොම හොරු” යනුවෙන් ජන්ද පත්‍රිකාවේ ලියා එය ජන්ද පෙට්ටියට දමා තිබූ බව වාර්තාවේ.

ඇල්පිටිය සමූපකාර ප්‍රාදේශිකයට සභිකයන් තෝරාගැනීම සඳහා ජන්දදායකයන් 407 දෙනෙකු ජන්දය ප්‍රකාශ කර තිබූ අතර ඉන් 17 අවලංගු වී තිබේ.

ඉන්16 ක්ම අවලංගුවී ඇත්තේ සභිකයන් 09 දෙනෙකුට කැමැත්ත ප්‍රකාශ කිරීම වෙනුවට ඒ අය 10 දෙනෙකුගේ අංකවලට කතිරය ගසා තිබීම නිසාය.

අනෙක් ජන්දය අවලංගු වී ඇත්තේ එහි “තොපි ඔක්කොම හොරු” යනුවෙන් ලියා තිබීම නිසාය.

මේ නිසා සභිකයන්ට ලැබී ඇත්ට්ගේ ජන්ද 390 කි.


(20) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෝටර් වාහන වලට අදාල සියලු සේවාවන් සඳහා මෙම මස 15 වනදා සිට බදු ගෙවන්නන්ගේ අනන්යතා අංකය හෙවත් ටින් අංකය (TIN) අනිවාර්ය කර ඇත.

මෝටර් රථ වාහන ලියාපදිංචිය, පැවරීම ආදී රථ වාහනවලට අදාලා සේවාවන් සඳහා එදින සිට ටින් අංකය ඉදිරිපත් කළ යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් රියදුරු බලපත් ලබා ගැනීමේදී එය අදාල නොවන බව කොමසරිස් ජනරාල් වරයා පැවසීය.

රජයේ චක්රලේඛයට අනුව එදින සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක වනු ඇත.


(21) වසර දහයකට පෙර බොරැල්ල ප්‍රදේශයේ පිහිටි කොණ්ඩ කපන ස්ථානයක් තුලදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ්. සරත් යන විත්තිකරුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (01) මරණ දඬුවම නියම කළේය.

අනතුරුව නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර තිබුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම පාතාල කල්ලි නායකයකු යයි කියන දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත්, පුබුදු උස්වත්ත හෙවත් රංග හා සමීර සාරංග හෙවත් සුදු යන විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

අධිකරණයේ හමුවේ පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා මෙලෙස නියෝග නිකුත් කලේය.

ඉකුත් 2014 වසරේ අගෝස්තු මස 01 වන දින බොරැල්ලේදී හෙට්ටිආරච්චිගේ දමින්ද හෙවත් චානක නමැත්තාව වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු චෝදනා යටතේ දෙමළ ගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

දෙමටගොඩ චමින්ද හෙවත් චමින්ද රවී ජයනාත්, සරත් බණ්ඩාර හෙවත් SF සරත්, පුබුදු උස්වත්ත හෙවත් රංග හා සමීර සාරංග හෙවත් සුදු නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි.


(22) පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්යාව 364ක් දක්වා ඉහළගොස් ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පැවසීය.

ඉන් පැමිණිලි 335ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබේ.

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 02ක් ලැබී තිබේ.

පසුගිය 20 වැනිදා සිට පසුගිය 31 වැනිදා පස්වරු 04.30 දක්වා ලැබී ඇති පැමිණිලි 364න් වැඩිම පැමිණිලි සංඛ්යාවක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ කාර්යාල වෙතයි.

එම පැමිණිලි සංඛ්යාව 323කි.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 41ක් ලැබී තිබේ.

ලැබී ඇති පැමිණිලි 364න් පැමිණිලි 282ක් මේ වනවිට විසඳා තිබේ.

සෙසු පැමිණිලි 82 සම්බන්ධයෙන් අවශ්ය කටයුතු මේ වනවිට සිදුකරමින් ඇතිබව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.


(23) අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අසල 2025-04-04 දින පැවැත්වීමට නියමිත 58 වන ජාතික අළුත් සහල් මංගල්යයට සමගාමීව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් අළුත් සහල් මංගල්යය, ඊයේ (01) උදෑසන මහියංගණ සෑ රජුන් අභියසදී මහකන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍රස්ථය ගොවි ජනතාව විසින් ඉමහත් භක්තියෙන් යුතුව පූජා කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු කරනු ලැබීය.

දළදා මාලිගාවේ තේවාව භාර, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන්, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ආර් ඩී ඒ චාමර මහතාගේ හා ගොවිජනසේවා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හා ගොවි සංවිධාන නායකයන්ගේ සංවිධානයෙන්, මහියංගණ සෑ රජුන් අභියසදී මහකන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍රස්ථය එලෙස ඉමහත් භක්තියෙන් යුතුව පූජා කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදු කරනු ලැබීය.

මම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා, හා මහියංගණ වැඩබලන ප්‍රාදේශීය ලේකම් නුවන් දිසානායක, දඹාන ආදිවාසී ප්‍රජාව නියෝජනය කරමින් ආදිවාසී ජනතාව, අන්තර් පළාත් කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂක කේ පි කේ මධුසංඛ, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරී ඩි එම් තිලකරත්න මහතා ඇතුළු, ප්‍රදේශයේ සියළු ගොවි සංවිධාන නියෝජනය කරමින් ගොවි සංවිධාන නායකයන් හා ගොවි ජනතාව මෙම අළුත් සහල් මංගල්ය සඳහා එක්වී සිටියේය.


(24) කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ තැන්පත් කර තිබු වසර 175 වඩා පැරණි ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ පෙරහැර ප්‍රතිමාව අද (01) අලුයම කාලයේ කිසිවෙකු විසින් සොරකම් කර ගෙන ගොස් ඇති බව කදාන පොලිසිය පවසයි.

ජාඇල, කදාන ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල දහස් ගණනක බැතිමතුන් පිරිසකගේ ගේ මහත් භක්තියාදර ගෞරවයට පාත්‍රව තිබු මෙම ප්‍රතිමාව කදාන සාන්ත සෙබස්තියන් පල්ලිය පරිශ්‍රයේ තාරපල්ලිය නම් එක් ගොඩනැගිල්ලක තැන්පත් කොට තිබුණි.

රන් ආභරණ වලින් සරසා ඇති මෙම ඓතිහාසික ප්‍රතිමාව කදාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්ය දින කදාන නගරය, කදාන ග්‍රාමය වටා මහත් උත්සවාකාරයෙන් වීදි සංචාරය කරණ පෙරහැර සඳහා මහත් ගෞරවයෙන් යොදා ගැනේ.

කදාන පොලිසිය මේ වන විට පල්ලියේ සහ අවට මාර්ගයේ සවිකොට ඇති CCTV කැමරා දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කොට ඇත.

ඒ අනුව වෙස් මුහුනකින් මුහුන ආවරනය තරගත් පුද්ගලයෙකු අද අලුයම් කාලයේ පල්ලියේ ආරක්ෂිත බැම්මෙන් පැන දේවස්ථාන භුමියට ඇතුලත් වන අයුරු පොලිසිය නිරීක්ෂණය කර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි පෙරමුන, කදාන පොලිස් ස්ථානාධිපති ගාමිනී හේවාවිතාරණ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් උපපොලිස් පරික්ෂක ප්‍රයන්ත ඇතුලු නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ කටයුතු පවත්වති.

කදාන සාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානයේ මිසම පාලක පියතුමන් වන ලලිත් එක්ස්පෙඩිසන් පියතුමා සඳහන් කර සිටියේ අතුරුදහන්ව ඇත්තේ සිද්ධස්ථානයේ ස්ථාපිත ඉපැරණි ප්‍රතිමා අතරින් ප්‍රධානතම ප්‍රතිමාව බවයි.

ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහැර ප්‍රතිමාව – කඳාන සිද්ධස්ථානයේ ස්ථාපිත සාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රධාන ප්‍රතිමාව වන මෙම ප්‍රතිමාව 19 වන සියවසේ මුල් භාගයේදී නෙලන ලද දැවමය ප්‍රතිමාවකි.

රොකෝකෝ මූර්ති ශෛලියට අනුව ඉන්දියානු සහ පෘතුගීසි මූර්ති අභාෂයන් සහිතව නිර්මාණය කර ඇති හෙයින් මෙම ප්‍රතිමාව Indo-Portuguese | ඉන්දෝ-පෘතුගීසි කාණ්ඩයට අයත් ප්‍රතිමාවක් ලෙස හඳුන්වා දිය හැකි බවද පියතුමා සඳහන් කර සිටියේය.

ඉන්දියානු මූර්තිකරුවෙකු අතින් නිර්මාණය වී ඇති මෙම ප්‍රතිමාව ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන්නට ඇතැයි අනුමාන කල හැක.

සිද්ධස්ථානය වෙත ඇදෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වන මෙම ප්‍රතිමාව සිද්ධස්ථානය පසෙක යැදුම් ගෘහයක ස්ථාපනය කර ඇති අතර සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍ය දින ග්‍රාමය වටා පෙරහැර සඳහා යොදා ගැනේ.


(25) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෝටර් වාහන වලට අදාල සියලු සේවාවන් සඳහා මෙම මස 15 වනදා සිට බදු ගෙවන්නන්ගේ අනන්‍යතා අංකය හෙවත් ටින් අංකය (TIN) අනිවාර්ය කර ඇත.

මෝටර් රථ වාහන ලියාපදිංචිය, පැවරීම ආදී රථ වාහනවලට අදාල සේවාවන් සඳහා එදින සිට ටින් අංකය ඉදිරිපත් කළ යුතු බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් රියදුරු බලපත් ලබා ගැනීමේදී එය අදාල නොවන බව කොමසරිස් ජනරාල් වරයා පැවසීය.

රජයේ චක්‍රලේඛයට අනුව එදින සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක වනු ඇත.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න