(01)
කොළඹ මහනුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේ දී මෙම මස 10 වන දින සවස 5.45 ට පමන තෝලංගමුව ප්‍රදේශයේ සිදු වූ කැබ් රථ හා ත්‍රීරෝද රථ රිය අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් ඇති බව වරකාපොල පොලීසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ නෙලුම්දෙණිය,ගස්නාවවත්ත ප්‍රදේශයේ පදිංචි (39) වෙල්ලසාමී සිරිපුල්ලේ නැමති අයයි.ඔහු පමනක් එම අවස්ථාවේ සිට ඇති අතර මියගිය අයගේ දේහය මේ වනවිට වරකාපොල රෝහලේ තබා ඇත.මරණය පිලබදව පශ්චාත් මරණ පරික්සණය 11 වන දින පැවැත්වීමට නියමිතව තිබුනි.කැබ් රථයේ රියදුරු 11 වන දින උදෑසන විටත් අත්තඩංගුවට ගෙන නොමැති අතර අනතුර පිලිබදව වැඩිදුර පරික්ෂණ වරකාපොල පොලීිසිය පවත්වයි.
(02)
යුද හමුදා සෙබලුන් තිදෙනෙකු මෝටර් රථයකින් හෙරොයින් මිලි ග්‍රෑම් 2030 ක් රැගෙන යමින් සිටියදී දෙහිඅත්තකණ්ඩිය ජල සම්පාදන මණ්ඩලය අසලදි 10 වෙනිදා අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
මෙම සෙබලුන් තිදෙනා අරලගංවිල, බිම්පොකුණ, ගිනිදමන, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25, 33, 41 යන වයසේ පසු වන්නන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන දෙහිඅත්තකන්ඩිය පොලිසිය සඳහන් කරයි.
මොවුන් සතුව වෙන් වෙන් වශයෙන් හෙරොයින් මිලි ග්‍රෑම් 2030 තිබූ අතර සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලුන් තිදෙනා සමග මෝටර් රථය 11 වෙනිදා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේ ය. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ දෙහිඅත්තකන්ඩිය පොලිසිය විසින් සිදු කරයි.
(03)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සදහා 06/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
ජනාධිපතිතුමා සමග විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද මෙම සංචාරය සදහා එක් වී සිටිති.
ඔවුන් 06/10 දින රාත්‍රී 08.33 ට දෝහා වෙත කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 655 දරන ගුවන් යානයෙන් පිටත්ව ගිය අතර ,එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ජර්මනිය වෙත යෑමට නියමිතය.
ජනාධිපතිතුමා ඇතුළු මෙම පිරිස ජර්මන් සංචාරය නිමා කර 06/15 දින ආපසු පැමිණීමට නියමිතය.
(04)
දෙහිවල සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්රීිඩ් කුෂ් පැල තොගයක් සමග ගිනි භටයෙක් පසුගිය (10) දින අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිභටයෙකි.
එම සැකකරු සමග අඩි දෙක අඩි දෙකහාමාර අඩි තුන ආදී විවිධ ප්රාමාණවලින් ගංජා හයිබ්රිරඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.
දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍ර ධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව අලුත් ගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්රෂශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්රිදඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවත් එමගින් නිෂ්පාදනය කරන මත්ද්රිව්ය මිතුරන් අතරේ අලෙවි කරන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.
මෙම පැළ වේලීමෙන් අනතුරුව ග්රෑ ම් එකක් රුපියල් 8500/= ක මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්යෙීෂ්ඨ පොලිස් අධිකාරී ප්රිසන්න බ්‍රා හ්මණගේ, සහකාර පොලිස් අධිකාරී ලලිත් වික්‍ර මසිංහ මහත්වරුන්ගේ උපදෙස් මතදෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රකධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරිසක සංජීව අලුත් ගෙදර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පල්ලියගුරුගේ, පොලිස් කොස්තාපල්වරුන් වන 94954 ප්රේුමතිලක, 8361 ලක්මාල්, 101813 සංගීත්, 104283 මෙලක, 104211 සාලංක, 105281 චතුරංග, 22820 රගුහරන් මහත්වරුන් වැටලීම සිදු කර ඇත.
(05)
බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් සිදුකල වැටලීමකදී නීතිවිරෝධී බීඩිකොළ ජාවාරමකට ආධාර අනුබල දුන් සුරාබදුපරීක්ෂක වරයෙකු සහ සුරාබදු නියාමක රියදුරෙකු අත් අඩංගුවට ගෙන,ඇත.
10 වනදා අළුයම මීගමුව කොච්චිකඩේ පලඟතුරේ සිට මීරිගම පොලිස් බල ප්‍රදේශය දක්වා හඹා යමින් සිදුකල විශේෂ මෙහෙයුමකින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට වැඩි වටිනා කමින් යුත් බීඩි කොළ කිලෝග්‍රෑම් 1350 ක් සමඟ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ නෝවා වර්ගයේ ලොරියක්ද මෙම ජාවාරමට ආධාර අනුබල දුන් ඉහත සදහන් සුරාබදු පරීක්ෂකවරයෙකු, සූරා බදු නියාමක රියදුරෙක්ද, රථයේ රියදුරුද අත්අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා 11ස් වනදා දහවල් අත්තනගල්ල මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 23 වනදා දක්වා රක්ෂිත බංධනාගාර ගත කිරීනට මහේස්ත්‍රාත් වරයා නියෝග කර ඇත.
බටහිර කටාන ප්‍රදේශයේ පදිංචි එදිරිමුනි සුමිත් කුමාර ද සොයිසා වික්‍රමසිංහ නැමති ලොරි රථයේ රියදුරු, ඔහුට අධාර අනුබල දෙමින් රාජකාරිය පැහැර හැරි ඉදුරාන, වහරක, ප්‍රදේශයේ පදිංචි සුරාබදු පරීක්ෂක වරයෙකු වන මහින්ද කුමාර රත්න සහ ඉහලගම දංඕවිට පදිංචි විජේසූරිය රත්නායක පතිරැන්නැහේලාගේ උපාලි මඩබාවිට නැමති සුරාබදු නියාමක රියදුරු වරයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
අංක 43 – 0046 දරණ භාණ්ඩ ප්‍රවාහනය කල නෝවා වර්ගයේ ලොරිරථයද සුරාබදු නියාමක වරයා පැමිණි නෝහා වර්ගයේ අංක – PE 7630 දරණ වෑන් රථයද බීඩි කොළ තොඟයද නඩු භාණ්ඩ ලෙස පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මීගමුව කොච්චිකඩේ පලඟතුරේ ප්‍රදේශයේ සැඟව සිටිමින් සිදුකල දැවැන්ත මෙහෙයුමකින් පසුව පොලීසිය ඔවුන් පසුපස හඹා එන බව දුටු සැකකරුවන් ඒ බව සුරාබදු නිලධාරීන්ට දැණුම්දී මෙන් පසුව ලොරි රථය සුරාබදු නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගෙන නීතිවිරෝධී භාණ්ඩ රැගෙන පලා යාමට සැළසුම් කරමින් සිට ඇති බව පොලිසිය දුරකථන දත්ත විශ්ලේෂණය කරමින් අනාවරණය කර ගෙන ඇත.
පොලිසිය සැකකරුවන් පසුපස හඹා ඒම වැළැක්වීම සඳහා ජාවාරම් කරුවන් ඔවුන්ගේ තැරැකරුවන් ගේ මාර්ගයෙන් විශාල ප්‍රමාණයේ ටිපර් රථයක් එම මාර්ගය හරස් කරමින් පොලිස් වෑන් රථයේ ගැටී නොගැටී ධාවනය කරමින් මාර්ගය අහුරා පලඟතුරේ ප්‍රදේශයේදී පලා ගොස් අවසානයේ මීරිගම බෝගහ අසලින් පලා යාමට පැමිණි අවස්ථාවේදී මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
වෘත්තිය ගෞරවය කෙළසමින් රාජ්‍ය සේවයේ ලේබලයෙන් කූඨ ජාවාරමේ නිරතවු සුරාබදු පරීක්ෂක සහ නියාමක රියදුරු මීරිගම නගරයේ බෝගහ අසළ වට රව්මේදී අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔවුන් ගෙන් කල ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් බීඩිකොළ තොගය අත් අඩංගුවට ගත් බව පැවසුවද
පොලිසියේ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔවුන් සිදුකල වංචාව අනාවරණය වී ඇත.
ලොරියේ සිටි සහායකයා පලා ගොස් ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.
මීගමුව පලඟතුරේ ප්‍රදේශයේ සිට කේරළ ගංජා තොගයක් රැගෙන නෝවා වර්ගයේ ලොරි රථයක් අළුයම් කාලයේ එන බවට ලද පෞද්ගලික තොරතුරක් ඔස්සේ යමින්
පසුගිය 10 වනදා අළුයම 3.00ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
බස්නාහිර උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ වැඩ බලන අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී කුමාරදාස මහතාගේ අධීක්ෂණය මත මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලින්ටන් ද සිල්වා,ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල, පොලිස් සැරයන් වරුන් වන 14868 සෝමසිරි66641 කවීෂපොලිස් කොස්තාපල් වරුන් වන77930 ගයාන්88617 හෙන්නායක පොලිස් කොස්තාපල් රියදුරු 80732 පීරිස් යන නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.
(06)
සමස්ත විදුලිය ගාස්තුව ඊයේ (11) මධ්යකම රාත්රිියේ සිට සියයට 15 කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇත.
මේ වසරේ ජූනි මස සිට දෙසැම්බර් තෙක් කාලය දක්වා විදුලිය ගාස්තුව සියයට 18.3 කින් වැඩිකල යුතු බවට විදුලිබල මණ්ඩලය කරන ලද යෝජනාව සමාලෝචනය හා මහජන උපදේශනයෙන් පසු කොමිසම සියයට 15 කින් වැඩිකිරීට අනුමතිය දුන් බව කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කේ.පී.එල්. චන්ද්රනලාල් මහතා පැවසීය.
කර්මාන්ත හා හෝටල් අංශ සඳහා ද 15% කින් ගාස්තු වැඩිවන අතර රාජ්‍ය ආයතන සඳහා විදුලිය ගාස්තු16% කින් ඉහළ යන ඇත.
නව ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථ මාසික පරිභෝජනය විදුලිය ඒකක 0 සිට 30 දක්වා අය කල රුපියල් 195 ක් වූ මාසික ගාස්තුව රුපියල් 215 දක්වාත්, ඒකක 60 දක්වා රුපියල් 500 ක් වූ මාසික ගාස්තුව රුපියල් 585 දක්වාත් ,ඒකක 90 දක්වා අය කල 1480 ක් වූ මාසික ගාස්තුව 1720 කින්ද ,ඒකක 120 දක්වා අයකල 2680ක් වූ මාසික ගාස්තුව 3040 කින්ද ,ඒකක 150 ක් දක්වා අයකල 4170 ක් වූ මාසික ගාස්තුව රුපියල් 4770 දක්වාත් ,ඒකක 180 ක් දක්වා අය කල 5160 ක් වූ මාසික ගාස්තුව 6000 ක් දක්වාත් ,ඒකක 210 දක්වා අය කල රු. 7220 ක් වූ මාසික ගාස්තුව රු .8430දක්වාත් ,ඒකක240 ක් දක්වා අය කල රු.8780 ක් වූ මාසික ගාස්තුව රු. 10,260 ක් දක්වාත් ,ඒකක270 දක්වා අය කල රු. 10,340ක මාසික ගාස්තුව 12,090දක්වාත් ,ඒකක300 ක් දක්වා අය කල රු. 11,900 ක් වූ මාසික ගාස්තුව රු.13,920 ක් දක්වා වැඩිවේ.
ගෘහස්ථ ඛාණ්ඩයේ ඒකක 0-30 දක්වා රුපියල් 75 ක් වූ ස්ථාවර මාසික ගාස්තුව රු.80දක්වාත් ,ඒකක 31-60 දක්වා 200 ක් වූ ස්ථාවර මාසික ගාස්තුව 210 දක්වාත් , ඒකක 180 ට වැඩි රු.2000 ක් වූ ස්ථාවර ගාස්තුව 2100 දක්වා වැඩි කෙරෙන බවත් , ඒකක 91-120 රු.1000 ක් වූ හා ඒකක121 -180දක්වා වූ රු. 1500 ස්ථාවර ගාස්තුවල වෙනසක් සිදුනොවන බවද සඳහන් කළේය.
මාසික විදුලි පරිභෝජනය ඒකක 90 ට අඩු ආගමික සිද්ධස්ථාන සහ පුණ්යා්තන සඳහා විදුලිය ඒකක ගාස්තුවල හා මාසික ස්ථාවර ගාස්තු වල වැඩිවීමක් සිදු නොවන අතර , ඒකක 90 වැඩි මාසික පරිභෝජනයක් ඇති ආගමික ස්ථාන සඳහා වැඩිවීමේ බලපෑමක් සියයට 12 කට සීමා කර ඇති බවත් පැවසීය.
ඒ අනුව ඒකක 120 දක්වා රු. 900 ක් වූ මාසික ගාස්තුව රු.995 ක් දක්වාත් ,ඒකක150 දක්වා වූ රු.2250 ක්වූ මාසික ගාස්තුව 2515දක්වාත් ,ඒකක180 දක්වා වූරු.2700ක් වූ මාසික ගාස්තුව රු. 3085
දක්වා ,ඒකක 210 දක්වා 3790 ක් වූ මාසික ගාස්තුව රු. 4265දක්වා ,ඒකක240 දක්වා රු. 4480 ක් වූ මාසික ගාස්තුව රු. 5045 ක් ද්කවා ,ඒකක270 දක්වා රු. 5170 ක් වූ මාසිකගාස්තුව රු. 5825 ක් දක්වා ,ඒකක300 දක්වා රු.5860 ක් වූ මාසික ගාස්තුව රු.6605 දක්වා වැඩිවේ.
ගාස්තු පිළිබඳ තීරණ ගැනීමේදී විදුලි බල පනතේ ප්රවතිපාදන සහ ඒ යටතේ අනුමත කර ඇති සූත්රළයට අනුකූලව කොමිෂන් සභාව ක්රිරයා කළ බවත්,මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ සියලු සාධනීය යෝජනා සැලකිල්ලට ගන්නා ලද බවත් මෙහි දී සඳහන් කළේ ය.
මෙම වසරේ ඉදිරි කාලය සඳහා විදුලිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමුවද නව විදුලි ගාස්තු 2025 ජනවාරි 18 ට පෙර පැවැති ගාස්තුවලට සාපේක්ෂව තවදුරටත් අඩු මට්ටමකින් තබා ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
(07)
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නැවතත් මාධ්‍යවේදීන්ට දොරවැසේ – ඒ පිළිබඳ විමසන විට සභාපති පලායයි .
නව රජය පත්වීමත් සමග පැවති පළමු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමටවාද්යවේදීන්ටසහභාගී වීමට අවස්ථාව ලබා නොදීමත් සමඟඋද්ගත වූ ගැටලුකාරී තත්ත්වයෙන් පසුවසම්බන්ධීකරණ කමිටු තුනකට මාධ්‍යවේදීන්ට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දී තිබුණුපසුබිමකඅද (11) දින පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මාධ්‍යවේදීන්ට සහභාගි වීමට අවස්ථාවලබා දී නො තිබිණ.
සම්බන්ධීකරණ කමිටු වැස්සීම සඳහා සහභාගි වීමසදහා පැමිණි මාධ්යවේදීන්ශාලාව තුළට ඇතුල්වීම වළක්වමින්නුවරඑළිය දිස්ත්රික්ප්රවෘත්ති නිලධාරීවරයා කියා සිටියේමෙවරසම්බන්ධීකරණ කමිටුව සඳහා මාධ්‍යවේදීන් ඇතුල් කිරීමට අවසර ලබාදී නොමැති බවය ,
මේ පිළිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කළදඔවුන් ඒ පිළිබඳ කිසිම තැකීමකින් තොරව කටයුතු කළ බවදප්රවෘත්ති නිලධාරීවරයා වැඩි දුරටත් සඳහන්කළේය ,
සම්බන්ධීකරණ කමිටුව අවසා වීමෙන් අනතුරුවමාධ්යවේදීන්ට දොරවැසුණු ඒත්තුව පිළිබඳවමාධ්යවේදීන් විසින්සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රීමංජුල සුරවීරආරච්චි මහතාගෙන් විමසීමට කටයුතු කළ අවස්ථාවේදීඔහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදී මගහැර යෑමක් ද දක්නට ලැබිණි.
(08)
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නාවලපිටිය ගලබොඩවත්ත වතුයායේ සහකාර ක්ෂේත්‍ර නිළධාරීවරයෙකුට රාජකාරී අවස්ථාවේදී එම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විසින් පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය මෙතෙක් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට චෝදනා කරමින් එම වතුයායේ කාර්ය මණ්ඩලය සහ වතුකම්කරුවන් අද උදෑසන විරෝධතාවක් සහ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
පසුගිය (09) දින අදාල නිළධාරියා වතුයායට අයත් ඉඩමක ගසක් ඉවත් කිරීමට යාමට විරෝධය පළ කිරීමත් සමග එම තරුණයා විසින් ගස කැපීමට භාවිතා කළ තියුණු පිහියකින් අදාළ නිලධාරියාට පහරදී ඇත.
ප්‍රධාන වතු කළමනාකරු සම්පත් සමරසිංහ මහතා සිද්ධියට භාජනය වූ නිළධාරියා රෝහල් ගතකර ඇත.
අදාල සිදුවීම සඳහා නීත්‍යානුකූල පියවර ගැනීම නවවලපිටිය පොලිසිය පැහැර හරින බවත් තමන්ට වතුයායේ රාජකාර කිරීමේදී ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දෙන තුරු ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බවයි ලංකා වතුසේවා සංගමයේ නියෝජ්‍ය සභාපති රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ ය.
(09)
බණ්ඩාරවල නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ සාගර ධීර විශ්ව වික්‍රම මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
බණ්ඩාරවල නගර සභාව මන්ත්‍රී ධූර දාසයක් හිමි වූ අතර ජාතික ජන බලවේගය මන්තී ධූර හයක් ලබාගෙන තිබුණි.
ස්වාධීන එක කණ්ඩායමට මන්තී දුර පහක් ද පොදු ජනපෙරමුණට එකක්ද ස්වාධීන දෙක කණ්ඩායම එකක්ද සමගි ජන බලවේගයට මන්ත්‍රී ධූර තුනක්ද හිමිව තිබුණි.
මෙම ඡන්ද විමසීමේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පැමිණ නොසිටියහ.
විවෘත චන්ද විමසීමක් සිදුවූ අතර ස්වාධීන එක කණ්ඩායම සහ ස්වාධීන දෙක කණ්ඩායම එක් ඡන්දය බැගින් ජාතික ජන බලවේගයට ඡන්ද ප්‍රකාශ කිරීම සමඟ ජාතික ජන බලවේගයට ඡන්ද අටක් හිමිවිය.
ස්වාධීන එක කණ්ඩායමට හිමිවූයේ මන්තී ධූර හතරක් පමණි.
බණ්ඩාරවල නගර සභාවට කිසිදු පක්ෂයකට බහුතරය ලබා ගැනීමට නොහැකි වීම මත විවෘත ඡන්ද විමසීම පැවැත්වීම ඌව පළාත් පාලන කොමසාරිස් ඩී. එම්.එල් .එච්. දිසානායක මහතා කටයුතු කළේය.
ඡන්ද විමසීම සඳහා විශ්ව වික්‍රම මහතා (ජාතික ජන බලවේගය) අනුර වස්තු හේවා (ස්වාධීන) මොහොමඩ් නව්සාත් (ස්වාධීන) ඡන්ද විමසීම සඳහා නම් යෝජනා වූ අතර අනුර වත්තුහේවා මහතා ඡන්ද වීමසීම සිදුවීමට පෙර ඉල්ලා අස්විය.
(10)
පොසොන් පෝය නිමිත්තෙන් දිවයිනේ දුර බැහැර ප්‍රදේශවලින් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පිහිටි සිද්ධස්ථාන වන්දනා කිරිමට පෙරේදා (10) දිනය තුළ පමණක් දස ලක්ෂයක් ඉක්මවූ බැතිමතුන් පිරිසක් සහභාගී වූ බවට අනුමාන කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් උත්සව කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතා පැවසීය.
මේ අතර අනුරාධපුරයට පැමිණ සිටි බැතිමතුන්ගෙන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මිහින්තලේ සහ තන්තිරිමලේ පුදබිම් වන්දනා කිරීමට ගොස් ඇති බව බුද්ධි අංශ අනාවරණය කළේය.
මේ අතර ඊයේ (11) දිනය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කය සහ යාබද දිස්ත්‍රික්ක වලින් තවත් දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් අනුරාධපුරය සහ මිහින්තලේ පිහිටි සිද්ධස්ථාන දැක බලා වන්දනා කිරිමට පැමිණෙනු ඇති බවට අනුරාධපුර දිස්ත්‍රික් ලේකමවරයා කියා සිටියේය.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයට ප්‍රකාශයට පත් කොට තිබෙන පොසොන් සතිය හෙටින් (13) අවසන්වේ.
(11)
මහනුවර, ගැටඹේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දුම්රිය මාර්ගයේඇති වූ හදිසි ගිලා බැසීමක් හේතුවෙන් මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය ගමනා ගමනය ඊයේ (11) පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බව මහනුවර දුම්රිය ස්ථානය පවසයි.
ගැටඹේ ප්‍රදේශයේ පදිංචි චම්පිකා විජේරත්න නැමැති කාන්තාවකඊයේ (11) පෙරවරු 6.30 ට පමණ මෙම ගිලා බැසීම දැක ඒ බව තවත් අයෙකු මගින් දුම්රිය පාලනාධිකාරියටදැනුම් දී ඇත.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පාලක මැදිරිය දුම්රිය ධාවනය අත්හිටුවාඅදාළ ස්ථානය නිරීක්ෂණය කර තිබේ. ඒ වනවිටත් මහනුවර සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන කාර්යාලදුම්රිය සහ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය එම ස්ථානය පසුකර ගොස් තිබූ බවට සැක කරන බව ප්රදේශවාසීහුපවසති .
එම අවස්ථාවේ අදාළ දුම්රිය අනතුරට ලක් නොවීම මගීන් ගේ වාසනාවනිසා සිදුවූවක් බවද දුම්රිය මාර්ගයේ අඩි 03 ට වැඩි පළලින් යුත් වලක් ආශ්‍රිතව අඩි 05 කට වැඩි ගිලා බැස්මක් සිදුව ඇති බවත් ප්‍රදේශවාසීහූ සඳහන් කරති .
ගිලා බැස තිබෙන ස්ථානය නිරීක්ෂණය කරමින් තිබිය දී පේරාදෙණියදෙසින් මහනුවර දක්වා දුම්රියක් පැමිණ තිබෙන අතර අදාළ ස්ථානය ආසන්නයේ දී මගීන් බස්සවාදුම්රිය ආපසු ධාවනය කරවීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබේ.
දුම්රිය මාර්ගය ඉදි කරන සමයේ පටන් පැවැති කාණුවක් ගිලා බැසීමටලක්වූ ස්ථානයට පහළින් තිබෙන අතර එය කඩාගෙන යෑමෙන් මෙම ගිලා බැසීම සිදුව තිබෙන බව දැනටසිදුකර තිබෙන නිරීක්ෂණ මගින් තහවුරුව ඇත.
දුම්රිය නඩත්තු අංශයේ කණ්ඩායමක් දුම්රිය මාර්ගය යථා තත්ත්වයටපත් කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙන අතර මේ හේතුවෙන් දින කිහිපයක් යනතෙක් මහනුවරපේරාදෙණිය අතර දුම්රිය ගමනා ගමන කටයුතු ඇන හිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා දුම්රිය පේරාදෙණිය දුම්රියස්ථානයෙන් නතර කෙරෙන බැවින් මහනුවරට පැමිණෙන මගීන් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේඉල්ලීම මත පේරාදෙණියේ සිට මහනුවර දක්වා විශේෂ බස් රථ දෙකක් යොදවා තිබෙන බවශ්‍රී ලංගම මහනුවර ප්‍රාදේශීය කළමනාකාර සනත් ප්රසන්නදෙල්අංග මහතා කීය.
නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා සමඟ තමන් පෙරවරු 6.30 ට පමණදුම්රිය මාර්ගය දෙසට පැමිණෙන විට මෙම ගිලා බැසීම දුටු බවත් අනතුරක් වීමේ දැඩි අවධානමක්දුටු නිසා වහා ක්‍රියාත්මක වී ඒ බව දුම්රිය බලධාරීන්ට දැනුම් දුන් බවත්මෙම ස්ථානයට යටින් ඉතාමත් පැරණි බෝක්කුවක් පවතිනබවත් අධික වර්ෂාව හේතුවෙන් එම බෝක්කුව ආශ්‍රිතව ගිලා බැස්මක් සිදුවූ බවට තමා විශ්වාසකරන බවත් ගිලා බැස්ම සිදුවූ වේලාව නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි බවත් කෙසේ වුවත් මහාවිනාසයක් නවතාලීමට තමාට හැකි වීම පිළිබඳ සතුටු වන බවත් චම්පිකා විජේරත්න මහත්මිය වැඩිදුරටත්පවසා සිටියාය.
(12)
පොසොන් පොහෝදා අධික ලෙස බීමත්ව, ඔහු සේවය කරන කාර්යාලයේ කලහාකාරිව හැසිරුනු සිවිල් ආරක්ෂක නිළධාරියකු පෙරේදා ( 10 ) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව දොඹගහවෙළ පොලිසිය පවසයි.
පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ,සිවිල් ආරක්ෂක බලකායේ දොඹගහවෙළ උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන, දොඹගහවෙළ, තිබ්බටුලන්ද ප්‍රදේශයේ පදිංචි හතලිස් හැවරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා අධික ලෙස බිමත්ව, සිවිල් ආරක්ෂක කාර්යාලයේ කලහාකාරීව හැසිරෙන බවට, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව, රාත්‍රි ජංගම මුර සේවයේ යෙදුන, පොලිස් නිළධාරින් කන්ඩායමක් එම කාර්යාලයට ගොස් මෙම සැකකාර සිවිල් ආරක්ෂක නිළධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන්නේ, අත්අඩංගුවට පත් සැකකාර සිවිල් ආරක්ෂක නිළධාරියා මොණරාගල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා හමුවට පැමිණවිමෙන් පසු සැකකරු බීමතින් සිටින බවට අනාවරණය වු බවයි.
අත්අඩංගුවට පත් සැකකාර සිවිල් ආරක්ෂක නිළධාරියා (11) සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවිමට නියමිතව තිබුණි.
මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත දොඹගහවෙළ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.
(13)
බලන්ගොඩ බෙලිහුල්ඔය නන්පෙරියල් ප්‍රදේශයේ දි සුපෝකභෝගි ජිප් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් (10) දා සවස සිදු වු අනතුරකින් එහි ගමන් කල දෙදෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවැසීය.
කොළඹ ප්‍රදේශයේ සිට නන්පෙරියල් ප්රදේශයේසංචාරයක පැමිණි පිරිසක් ගමන් කරමින් තිබු සුපෝගිභෝගි ජිිප් රථයක් නන්පෙරිල් ප්‍රදේශයේදි අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි. දැඩි කදු බැවුමි සහිත පටු මාර්ගයක් වන නන්පෙරියල් මාර්ගයේ මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් රථවාහන අනතුරැ සිදුවෙන බව නන්පෙරියල් වතු ජනතාව පවසති. අනතුර සිදුවෙන අවස්ථාවේදී ජිිප් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර අනිත් පුද්ගලයන්ට අනතුරක් සිදුව නොමැති අතර ජිිප් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙි.
අනතුර සමිබන්දයෙන් සමනල වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.