පොලිස් උපාය දූතයා නිවසටම ගෙන්වා අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට ගිය තණමල්විල මහවැව පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අයිස් මත් ද්‍රව්‍ය සමග තණමල්විල පොලිසිය විසින් (26) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල,සූරිආර,මහවැව පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.
සැකකරු පිළිබදව තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී.බණ්ඩාර මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් මෙහෙයුම ආරම්භ කර තිබේ.ඒ අනුව තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිස් උපාය දූතයෙකු යොදවා තිබේ.
ඒ අනුව පොලිස් උපාය දුතයා සැකකරු ඉතා සුක්ෂමව සම්බන්ධ කර ගනිමින් අයිස් මත් ද්‍රව්‍ය මිළදි ගැනිමට පසුබිම සකස් කරගෙන ඇති අතර පසුව සැකකරු විසින් පොලිස් උපාය දූතයා සිය නිවසටම ගෙන්වා අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කිරිමට කටයුතු කල අවස්ථාවේ තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ඇතුළු නිළධාරීන් කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් සැකකරු කාලාන්තරයක සිට ඉතාමත් රහසිගතව විශ්වාස වන්ත පුද්ගලයන් හරහා පමණක් මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු සනතකයේ තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 420ක් සමග ජාවාරමෙන් උපයාගත් රුපියල් 12500ක් , ජාවාරම සදහා යොදාගත් ස්මාට් දුරකතනය හා කුඩා කිරුම් යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු වැල්ලවාය මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මොණරාගල දිස්ත්‍රික්කය බාර නියොජ්‍ය පොලිස්පති ප්‍රදීප් කලුපහන, මොනරාගල කොට්ටාශබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ගුණවර්ධන ,තණමල්විල සහකාර පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.උදය කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර ,පොලිස් පරීක්ෂක චින්තක වික්‍රමරත්න,පොලිස් කොස්තාපල් වරුන් වන පුෂ්පතුමාර හා කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.