ලංකාවේ පසුගිය වසර දී වයස අවුරුදු 5 ට අඩු ළමයින් 3300 ක් පමණ මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතා පැවසීය.

ඊයේ (04) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ ද පැවසීය.

ගිය වසරේ 175 000 මිය ගොස් ඇති බවත් රටේ රෝහල්වලින් මිලියන 55ක පමණ පිරිසක් විවිධ ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද ඒ මහතා පැවසීය.

ජනතාවට නිසි ආහාර ලබා ගැනීමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පෝෂණ කටයුතු දැනුම ලබා දීම අප නිරතුරුවම සිදු කරන බව ද ඔහු කීය.

මෙම වැඩ සටහනට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන සැණකෙළියක්ද එනම් (07) දින කොළඹ ආරම්භ කරන්නට ද බලාපොරොත්තු බවත් මෙහී දී  ජනතාව නවතම ආකාරයකට දැනුවත් කරන්නට සැලසුම් කර ඇති බවද ඒ මහතා කීය.

එහි දී සංගිතයෙන්, ගීතය, රංගන, චිත්‍ර, ප්‍රසංග ආදි දේ එක්ව මෙවර නව ආකාරයට ජනතාවට මෙය ජන ගත කරන බව ද ඒ මහතා පැවසීය‍.

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය සෑම වසරකම ජූනි 07 වනදා  ජාත්‍යන්නර ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමූහ මෙහෙයවීමෙන් සමරනු ලබන බවද ඒ මහතා කීය.

2025 වර්ෂය සඳහා එම සැමරුම “ආහාර සුරක්ෂිතතාවය ආහාර ආරක්ෂිතතාවය සුරැකීම සඳහා සිදු කරන ක්‍රියාවන්හි විද්‍යාත්මක පදනම යන තේමාව යටතේ සමරනු ලබන අතර ආහාර සැපයුම් ජාලය තුළ ආහාර ආරක්ෂිතව සුරැකීමට අවශ්‍ය විද්‍යාත්මක දත්ත මඟින් මූලික පදනම ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කරනු ලබන බව ද ඒ මහතා පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න