2025 වසරේ ජනවාරි 01 දින සිට මාර්තු 31දක්වා දින අනුවක (90) කාලය තුළ බීමත් රියදුරන් එකසිය හතලිස් අටක් (148) වඳුරඹ පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්  කළ බැව් පොලිසිය පවසයි.                                                        

සිව් මංසන්ධියක් වන විට වඳුරඹ නගරය පසුකර ගම් දනව් ගණනාවකට ගමන් ගැනීමට ඇති අතර එම මාර්ග ආවරණය වන පරිදි විශේෂ මූල සංචාර යෙදවීම තුළින් මෙසේ වාර්තා ගත ලෙස මෙම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බැව් වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.සී.අයි.ක්‍රිශාන්ත මහතා පවසයි.                                                

මෙම රියැදුරන් හට බීමත්ව රිය පැදවීම වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 25000 ක දඩයක් නියම කර ඇති බවත් ඔහුගේ රියදුරු බලපත්‍රයද මාස කීපයකට අත්හිටවන බවත් පොලිසිය පවසයි.තවද මෙම රියදුරන් විසින් සිදුකර ඇති වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් දඩ නියම කර ඇති බවද පැවසේ.මේ අනුව මේ වන විට රුපියල් තිස්හත් ලක්ෂයක (3700000/=) පමණ දඩ මුදල් අය කරගෙන ඇති බවද පැවසේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න