ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව ගෝලීය වශයෙන් 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට කොවිඩ් (COVID )19 රෝගය ඇති කරන SARS-CoV-2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වා ර්තා වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
කොවිඩ් (COVID) –19 රෝගය පිළිබඳ ව ර් ථ මාන තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.
ඔහු එම නි වේ දනයේ මෙසේ ද සඳහන් කර තිබේ.
ජාත්‍යන්තරව සිදු කරන ශ්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළ දී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක COVID – 19 රෝගීන්ගේ ඉහළ යෑමක් වා ර් තා වී ඇත.
2023 මැයි මාසයේ සිට COVID – 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ අතර එතැන් සිට COVID – 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ශ්වසන රෝගී තත්ත්වයක් ලෙස සලකනු ලැබීය.
SARS-CoV-2 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විප ර් යාස වලට භාජනය වීම සාමාන්‍ය තත්වයක් බවත් දැනට ලෝකයේ රටවල් ගණනාවක වා ර් තා වන ප්‍රභේදය 2024 වසරේ දී ද වා ර් තා වූ ජාන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් වශයෙන් හඳුනා ගෙන ඇති බව ද ලංකාවේ ද 2024 වර්ෂයේ දී මෙම ප්‍රභේදය නිරීක්ෂණය කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
2025 වර්ෂයේ මැයි මාසයේ දී වෛද්‍ය ප ර් යේක්ෂණ ආයතනය මගින් පරීක්ෂා කළ නියැදිය ද එම අනු ප්‍රභේදවලටම අයත් බව හඳුනා ගෙන ඇති බවත් එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇති වීමක් හෝ වා ර් තා වී නොමැති බව ද එම නිවේ ද නයේ සටහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග ආවේක්ෂණ පද්ධතියට අනුව 2024 වර් ෂය තුළ දී ශ්‍රී ලංකාව තුළ SARS-CoV-2 වයිරසය වා ර් තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය, ශ්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදිය වලින් සියයට 3ක් වූ බව ද එහි සටහන් කර තිබේ.
එම වසරේ මැයි මාසයේ දී එය සියයට 9.6 දක්වා ඉහළ ගියේය. මෙම වසරේ මෙතෙක් දුරට SARS-CoV-2 වයිරසය වා ර් තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය සියට 02 පමණ වන අතර සුළු වැඩිවීමක් මේ වන විට පෙන්නුම් කරයි.
ඒ අනුව 2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදීත් COVID – 19 රෝගීන් වා ර් තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වෛරසය අනාගතයේ දී හැසිරීම පිළිබඳව පූ ර් ව නිගමනයකට එළඹී නැති අතර ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම තවම පර්යේෂණ මට්ටමක පවතී.
පසුගිය ගිය වසර කිහිපය හා සැසඳීමේ දී පවතින කාලගුණ තත්ත්ව යටතේ දී ඉන්ෆ්ලුවෙන්සාව වැනි රෝග වල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. රෝගය පැතිර යාම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවේ. එම නිසා මහජනතාව මේ පිළිබඳව අනියත බියක් ඇතිකර ගතයුතු නැති බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
උණ සෙම්ප්‍රත්ශ්‍යා තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් ගතවීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ පැන නොනගී අතර නමුත් යම් පුද්ගලයකුට ශ්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතුවේ නම් රෝහලක් වෙත යොමුවීම අවශ්‍යවේ.
කෙසේ වුවද මෙම COVID – 19 රෝගයල ඉන්ෆ්ලුවෙන්සාව ඇතුළු සියලුම ශ්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ශ්වසන ස්වස්ථාවය ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් වේ.
කිවිසෙන විට හෝ කහින විට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අත පත ගෑමෙන් වැළකීම නිතර දෑත් සේදීම හෝ විෂ බීජ නාශක ද්‍රාවණයකින් දෑත්පිරිසිදු කර ගැනීම අපිරිසිදු දෑත් වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම වැනි දේ මේ අතර වේ.
එමෙන්ම යම් අයෙක් ශ්වසන රෝගයකින්පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැළඳීම අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නො යෑම වැනි දේ යෝග්‍ය වේ.
රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙම කණ්ඩායම් වන්නේ වයස්ගත පිරිස්ල ගර්භනී කාන්තාවන්ල ළදරුවන්ල හෘද රෝග, දිගු කාලීන ස්වසන රෝගල දියවැඩියාව වකුගඩු රෝගල පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.