බේකරි නිෂ්පාදනවලට බඳු අය කිරීම සිදු කළ හොත් මේදා අවුරුද්දට ජනතාවට කේක් කන්න තියා කේක් කියා ගන්න වත් නො හැකි වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

බිත්තර වලට වැට් බදු එකතු කරන්නට ආණ්ඩුව තිරණය කර ඇති නිසා බේකරි නිෂ්පාදන   කර්මාන්තය අර්බුදයකට පත්වන බව ද ඒ පැවසීය.

දැන් බිත්තරයක මිල රුපිල් 35 ක් පමණ වෙන බවත් මේ ආකාරයට බිත්තර වලට වැට් බද්ද ද එක් කළ හොත් ලංකාවේ බේකරි නිෂ්පාදන වාගේම බේකරි කර්මාන්තය ද වහන්නට සිදු වන බව ද හෙතෙම කීය.

ගහන සියලුම ගැහැලි ගහන්නේ අහිංසක අපටමයි මේ ආණ්ඩුව ගහන්නේ. ජනතාවටයි. අප බේකරි හිමියන්ටයි. අපටමයි. මේ සියල්ලම නිසා අපි දැඩි අපහසුතාවයකට පත් වෙන බව ද ඒ මහතා කීය.

අතේ ඇති මුදල් සොච්චම යොදවලා මේ ව්‍යාපාරය කරන විට අපිට මේ ව්‍යාපාරයන් බඳු ගැහුවොත් ව්‍යාපාර වහන්න සිදු වෙනවා. අපි ආණ්ඩුවට ප්‍රකාශ කරන්නේ මේ ආකාරයට බිත්තරයට වැටි ගහන එක නතර කරන්න කියා යැයි ද ඒ මහතා කීය.

බේකරි නිෂ්පානවල වෙනත් වියදම් ද දිගින් දිගටම වැඩි වෙන තත්ත්වයක් හමුවේ වැට් බර ද කේක් කෑල්ල එකතු වුනාම මේවර අවුරුද්දට ජනතාවට කේක් කෑල්කවත් කන්නට නො හැකි තත්ත්වයක් ඇති බව ද බව ද ඔහු කීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව පියවරක් ගන්නට අප බේකරි සංගමය වශයෙන් තිරණයක් ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න