රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට සංකේත වැඩ වර් ජනයක්

කෘෂි කර් ම අමාත්‍යංශයේ ලේකම්වරයාගේ  අත්තනෝමතික ක්‍රියා කලාපයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රට පුරා දැවන්ත වැඩ වර්ජනයකට ගමන් කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති  වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා පැවසීය.

ඒ අනුව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) උදෑසන 6:00යේ සිට පැය 24 ක සංකේත වැඩ වර් ජ නයක් ආරම්භ කිරීමට තීරණය කරන්නට තීරණය කර තිබෙන බව ද ඒ මහතා කීය.

අප කළ විමසුමක දී සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා මෙසේ ද පැවසීය.

රට පුරා සේවයේ නියුතු රජයේ පශු වෛද්‍යවරුන් 738 ක් මෙම වැඩ  වර්ජනයට එක් ව සිටින බව ද ඒ මහතා කීය.

රජය පශු වෛද්‍යවරුන් සඳහා වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක එය කඩාකප්පල් කිරීමට කෘෂි කර් ම අමාත්‍යංශයේ ලේකම් දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස වැඩ වර් ජ නයකට යෑමට තීරණය කළ බව ද ඒ මහතා පැවසීය.

අපගේ මෙම දැවැන්ත සටනට විශාල පිරිසක් එක් වෙන බව ද ඒ මහතා කීය.

ඒ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර් යා ලවල කටයුතු අඩපණ වන බවත් සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර් තමේන්තුව, වරායේ සහ ගුවන්තොටුපොළේ සත්ත්ව නිරෝධායන මධ්‍යස්ථාන සහ පළාත් පාලන ආයතනවල පශු වෛද්‍යනය වරුන්ගේ සේවාවන් මේ අනුව අඩාල වන බව ද ඒ මහතා කීය.

අපිට මේ ලේකම්වරයා සිදු කළ අවුල නිසා දිගින් දිගටම බර පතල ප්‍රශ්ණ රැසක් ඇති ව තිබෙන බවත් වැටුප් සංශෝධනයන් සිදු කර ගන්නට හෝ අපගේ සේවා උසස් වීම් වලට ගමන් කරන්නට ද මෙහි දී නො හැකි වී තිබෙන බව ද ඒ මහතා කීය.

කෘෂි කර්ම ලේකම් වරයා ද කෘෂි උපාධි ධාරියෙක් බවද ඔහු කීය.

මෙතුමා අප විශාල පිරිස සමඟ කෘෂි උපාධිධාරින් 20ක් පමණ පිරිසක් ද එක් කර වෙනම ක්‍රමවේදක් ඇතිව අපගේ ඉල්ලිම් වලට දිගින් දිගටම අරියාඳු කිරීම වැරදි සහගත බව ද ඒ මහතා කීය.

අපට සේවා අවශ්‍යතාවය අනුව සේවා තනතුරු උසස් කර ගන්නට ද මෙහි දී  බාධාවක් ඇති ව ඇති බවත් සකස් කර තිබු කැබිනට් පත්‍රිකාව ද හැල්ලුවට පත් කර නැවත මේ කටයුත්ත නො කරන කෙණ්ගෙඩියකට පත් කර තියන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න