කළුතර නගර සභාවේ 2019 සිට 2023 දක්වා පාලන බලයේ සිටි හිටපු සභාපති අමීර් නසීර්ගේ මහතාගේ දූෂණ වංචා පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ පියවර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.
ඊයේ (26) දින මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.
මේ සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දී අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා මෙසේ පැවසීය.
2029 සිට 2023 දක්වා කළුතර නගර සභාවේ පාලනය කල නගරාධිපති අමීර් නසීර් විසින් නගර සභාවේ ලිඛිත නීති රීති රාජ්‍ය මුදල් චක්‍රලේඛ, ටෙණ්ඩර් කාර්ය පටිපාටි මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිදු කරණ ලද අනීතික කටයුතු රැසක් ඇති බව ද ඒ මහතා කීය.
අනීතික ක්‍රියා රැසක් මෙම පුද්ගලයා විසින් සිදු කර ඇති බව ද ඒ මහතා කීය.
මූල්‍ය අලාභ, වංචා දූෂණ, අල්ලස් ලබා ගැනීම්, පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසී ය.
හිටපු නගරාධිපති අමීර් නසීර් මහතාගේ අයථා වත්කම් පිළිබඳව පරීක්ෂණයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.