රුපියල් මිලියන පහළොවකට අධික වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගත් බව නාවික මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය  එළුවතිව් දූපතට ඔබ්බෙන්වූ පුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී රුපියල් මිලියන පහළොවකට අධික වටිනාකමකින් යුත් කේරළ කංසා  කිලෝ තිස් අටයි (38) ග්‍රෑම් හත්සියයක (700) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ලංකා නාවික ‍නෞකා එළාර ආයතනය මඟින් යාපනය එළුවතිව් දූපතට ඔබ්බෙන් වූ   මුහුදු ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැක කටයුතු උරයක්  නිරීක්‍ෂණය කර  පරීක්‍ෂාවට ලක් කළ අතර,  එහි දී එම උරය තුළ අසුරා තිබූ කේරළ කංසා  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ගොඩ බිමට රැගෙන ඒමට නො හැකිව ජාවාරම් කරුවන් විසින් එළුවතිව් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කරන  නාවිකා මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.

නාවික හමුදා භාරයට ගත් කේරළ කංසා  තොගය නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලීසිය වෙත  භාරදීමට කටයුතු කර තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න