ජනතාවට අයිති රුපියල් බිලියන 37 ක මුදලක් අනීතිකව ඉන්ධන පිරිහුම් හල් හිමියන් 1400 ක් පමණ පිරිසකට බෙදාදීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස     අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බල සංවිධානය  අපරාධ පරීක්ෂණ දෙපා ර් ත මේන්තුවට පැමිනිල්ලක් ගොණු කර තිබේ.

ඒ අනුව ඊයේ (03) ඉන්ධන බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධව පැමිණිල්ලක්   ගොනු කළ බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බල සංවිධානයේ සභාපති  ජාමුණී කමන්ත තුෂාර පැවසීය.   

ඉන්ධන පිරිහුම් හල් හිමියන්  1400 ක පමණ පිරිසකට රටේ මහජනතාවට අයත් රුපියල් බිලියන 37ක මුදලක් අනීතිකව බෙදා  දී ඇති බව ජාතික විගණන කාර්යාලයෙන්  හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 හා 27 වන වගන්ති  උල්ලංඝනය කර ඇති බව උසාවි තීන්දු පවා ලබා දී තිබෙනවා.

මහජනතාවට අසාධාරණයක් සිදුකර ජන  ජීවිතය අඩාල කිරීමට කුමන්ත්‍රණය කිරීමක් මෙහි දි සිදුව තිබෙන බවද හෙතෙම කීය.

මහජනතාවට පීඩාකාරී ආකාරයට තෙල් පිරවුම්හල් වල  මේ දිනවල පෝලිම් ඇතිකර රස්තියාදු වීමට සලස්වා තෙල් බෙදාහැරීම අඩාල කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවද හෙතෙම කියා සිටියේ ය.

මේ සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් රටේ මහජනතාවට අයිති  මෙතරම් විශාල මුදලක් අනීතික ආකාරයට ලබාගෙන බෙදුම්කරුවන්ට ලබාදීම මගින් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම පිළිබඳව එවන් තීන්දු තීරණ ගත් දේශපාලන අධිකාරිය හා නිලධාරීනට්  එරෙහිව නීතිය ක්‍රියාත්මක කර එම බිලියන 37ක මුදල රජයට නැවත ලබාගෙන මහජනතාවට ලබාදෙන  ලෙස අප සංවිධානය ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියාව පොදු දේපල පනතට අනුව මහජනතාවට අයත් මුදල්  ව්‍යාපාරිකයන් අතලොස්සක් අතර කූඨ ලෙස අයුතු ලාභයක් ලබා දී ඇති බව පෙනී යන කාරණාවක් බවත්   ඔහු ප්‍රකාශ කළේය.

ඒ නිසා මේ සම්බන්ධයෙන් පුළුල් විධිමත් අපක්ෂපාතී පරික්ෂණයක් සිදුකරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරණු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න